(එම්.සුසිල් පියන්ත සහ දිපාල් සිල්වා)
අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ කුලීගොඩ තිරිමාදුර ධනුෂ්ක ද සොයිසා සහ අම්බලන්ගොඩ වේනමුල්ලේ පදිංචි රණසිංහ සදුන් මදුසංක නමැති තරුණයන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ සිව්දෙනා අම්බලන්ගොඩ දෙල්දූවේ හෝටලයක සිටියදී නාදුනන තුවක්කුකරුවන් පැමිණ වෙඩි තබා ඇති බවත් ඔවුනට වෙඩි තබා ඇත්තේ ටී56 වර්ගයේ ගිණි අවියකින් බවත් පවසන පොලීසිය හෝටල් බිමේ තිබී ටී 56 වරගයේ ගිනි අවියට දමන හිස් පතුරම් විසිහතක් පමණ සොයා ගත් බවද කියයි.
මේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම ප්‍රදේශයේ විදුලිය විසන්ධිකර තිබූ බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd