(ගයාන් සූරියආරච්චි)

අම්බන්ගොඩ ප්‍රසිද්ධ වෙළෙදසලක කළමනාකරුවකු ලෙස කටයුතු කළ හිරාන් කෝසල නොහොත් ‘සිංගර් කෝසල‘ නැමැත්තා ඝාතනය කිරීමට යොදාගත් යතුරුපැදිය අම්බලන්ගොඩ කුරුදුවත්ත, ආදාදොළ ප්‍රදේශයේ දමා ගිය බව කියන සැකකරු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍ර දේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩික්කරුවන් ‘සිංගර් කෝසල‘ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව යතුරුපැදියෙන් පලාගොස් අතර මගදී මෙම සැකකරුට යතුරුපැදිය ලබාදී පලාගොස් තිබූ අතර පසුව මෙම සැකකරු ‘අම්බලන්ගොඩ දෙලා‘ නැමැත්තාගේ මෙහෙයවීම මත කුරුදුවත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී අම්බලන්ගොඩ පොලිසිය සොයාගෙන තිබුණි.

ඝාතනයට ලක්වූ සිංගර් කෝසල නැමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගජමුණී සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී නැමැත්තා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයකු වන අතර පසුව ඔහු කොස්ගොඩ සුජී නැමැත්තාගේ විරුද්ධවාදීන් වන ලන්තුවාහන්දිගේ සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී සහ ඌරගහ ඉන්දික නැමැත්තන් සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.