
(විමුක්ති එස් රුද්‍රිගු)
දින තුනක් පුරාවට පැවැත්වෙන ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ට් අම්බානිගේ විවාහ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද ඊයේ (12) සහභාගී වූවේය.
මාස හතක් පුරා පැවැති අති උත්කර්ෂවත් පූර්ව විවාහ සැමරුමකින් පසුව ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් 29 හැවිරිදි ආනන්ට් අම්බානි සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් විවාහ දිවියට එළඹීම සඳහා ඊයේ (12) චාරිත්‍ර ආරම්භ කළේය. මුම්බායි නගරයේ ජියෝ වර්ල්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර්හි දින 3 ක කාලයක් විවාහ උත්සවය පැවැත්වෙන අතර හෙට(14) එය අවසන් වීමට නියමිතය.
විවාහ උත්සවය සඳහා සම්පූර්ණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 18149 ක් පමණ) මනාල ජෝඩුව වැය කර තිබිණි. එය ඔස්කාර් සම්මාන උළෙලවල් 10 පැවැත්වීමට ප්‍රමාණවත් බවද මත පළවිය.
විවාහ උත්සවය සඳහා සහභාගී වීමට ලෝකයේ සිටින ප්‍රසිද්ධම නළු නිළියන්, ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසකට අම්බානි පවුල ආරාධනා කර තිබිණි. එලෙස ආරාධනා ලැබූ පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද විය.
ආනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහය උත්සවය සඳහා ඊයේ(12) දින පැමිණ සිටි ආරධිත අමුත්තන් අතර සුපිරි හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනාට, ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ ඉවන්කා ට්‍රම්ප්ට , කිම් සහ ක්ලෝයි කාර්ඩෑෂියන්ට සහ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පැමිණ සිටි අයගේ විශේෂ අවධානයක් යොමුවී තිබිණි.
තෙදින විවාහ උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබ සිටින දැවැන්තයන් අතර හිලරි ක්ලින්ටන්, ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම්, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.




COMMENTS
ඒ වෙඩින් එකේ ලයිට් බිල කීයද?
හොර පෙරකදෝරුවන්ට මොන ප්‍රශ්නද? මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ වලින් ගසාකාලා හම්බකරගත්තුවා ඕනෑතරම් තියෙන්නේ...?
මේවායින් වත් පාඩම් ඉගෙන ගත්තොත් හොඳයි. මොවුන් හැමදේම කළේ අපේ බදු සල්ලිවලින්නේ... මතකයිනේ විදුලි බිලට පොල්ල තියපු හැටි. කාලකණ්ණි.
ආරාධනා කරන්න අපේ රටේ මිනිහෙක් හිටියේම නැතිද මේ බෝන් අගේන් අපතයෝ ඇරුණාම...? යකෝ අපේ අන්රයියත් සූට්එක මැදගෙන බලාගෙනනේ හිටියේ තව පෝය තුනකින් ජනාධිපතිනේ... සමීක්ෂණ ප්‍රතිඵල වෙනස් වෙලාවත්ද?
බිල කීය වුණත් ඒවා මොවුන්ගේ වගේ මහජන මුදල් නෙවෙයි.
මේ විකාරය දැන් ඉන්දියාවේ මිනිස්සුන්ටත් ඇති වෙලා...
නිමල් කියන්නේ වහාම මනෝ චිකිත්සාව කළයුතු කෙනෙක්, කුහකකම සහ අපහාසය එකට එකතු වුණාම තමන් රෙදි නැතිව හිටියත් පේන්නේ නැහැ... අනුර මේවාට නොයන බව දැන දැනත් ඔහු අලලා මෙහි අපහාසාත්මක වැකි දාන්නේ ඔහුට තියෙන බිය නිසා.., එම බිය තම පාදඩ පන්තිය ගරා වැටීමට ඇති බිය නිසා නොවේද?
ප්‍රෙකා්ටිපතියන්ට එකතු වෙන්නේ තවත් ප්‍රෙකා්ටිපතියන් බව අපේ හොර පෙරකදෝරු නාමල්ගේ සංචාරයෙන් පේනවා. ගුවන් ටිකට් පතට සල්ලි දුන්නේ නාකි හැරමිටි මයිනා වෙන්න බෑ. එකට කොටාගත්තෙත් අහිංසක අපේ බදු සල්ලි වෙන්න ඇති...
කොහොමත් ඕවාට තමයි යන්නේ ....
අම්බානිට සල්ලි තිබුණට මොලයක් නැතේ... මෝඩයෝ බාල් දාන ඒවා නුවණක්කාරයෝ කාලා යනවා...
රටේ ජනතාවගේ බදු සල්ලි වලින් පිනට කාලා බිලා පොඩි මයිනා ගේ නෝනා හාමිනේ එන්න එන්නම මහත් වෙලා... රස්සාවක් කරන්නේ නැතුව හොරා කාපු සල්ලි වලින් පුතු තුන්දෙනාගේ නෝනා හාමුලා සැප ගන්නවා
වසන්තට ආරාධනා කරලා නැතෙයි... හ්ම්... කන්ජිට නම් ආරාධනා ලැබුණාලු...
ලොකුම කෝටිපතියාගේ මේ උත්සවයට සාමාන්‍ය හිඟන්නන් වගේ අයටත්... ආරාධනා කරලා තියෙනවා තෝරාගත් පිරිසක්. නාමල් බේබිට විශේෂ ගුවන්යානා ආවාද? නැහැ.. එයාගේ වියදමෙන් ගියේ මෝඩ බේබි හිතන් ඉන්නේ එයා හරි පෝසත් කියලා. ඔය ටික හරි තියෙන්නේ නාකි මයිනා රටේ ජනතාවගේ මුෆ්හල් හොරකම් කරපු නිසා. ඒවා ඔය මිනිස්සු දන්නවා. ඒකයි මේ හිඟන පැටියට එන්න කිව්වේ. හිඟන්නන්ගේ සල්ලි හොරාකාපු.... එකම පවුල. මොවුන් මෝඩ නිසා ගියා. එළියේ විශේෂ කුටියක් මේ වගේ අයට තියෙන්නේ...!
මේ බූරුවා එතනත් සාටකේ
මුන්ගේ ඔලු පරීෂා කරන ඕනි. මෙචර වියදම් කරලා මගුල් ගන්නවට . මම 3, 4 පාරක් ඉන්දියාවට ගිහින් තියෙනවා. මිනිසුන්ට වැසිකිලි යන්න වැසිකිලි නැහැ. උදේට මුම්බායි වල මුහුදු වෙරළේ දහස් ගානක් එනවා ඔය වැඩේ කරන්න. දුම්රිය මාර්ග වලත් එහෙමයි . උතුරු පැත්තට ගියොත් මිනිසු ඇවිදින ඇටසැකිලි බිම තියන අහුල අහුල කනවා. ඒ අතින් අපේ රට දිවිය ලෝකයක්.