








(වසන්ත චන්ද්‍රපාල)
ගොයම් කපා අවසන් වීමෙන් පසුව හැදෙන නිරිවගාව ආහාරයටගැනීම සඳහා අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වන අලි 200ක් පමණ පිරිසක් මේ දිනවල සවස්වරුවේ අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ මල්වත්ත සහ වලතාපිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටිති.
බුද්ධංගල අභයභූමියේ සිට එන වන අලි වලතාපිටිය වැවට පැමිණ පැයක පමණ කාලයක් දිය නෑමෙන් පසු ආහාර සොයා අස්වනු නෙළන ලද කුඹුරු වෙත යති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ත මහත්තයා, පිංතූර ටික නම් සුපිරි, සම්මාන ලැබෙන්න ඕනෑ. ඒ වගේම මේ එක් පිංතූරයක් පත්තරේ මුල් පිටුවේ ගියේ නැත්නම් වැඩක් නෑ. සුන්දරම දසුන් පෙළක්... මේ අයට මේ දවස්වල හරියට කන්නේ නෑ. සමහර පළාත්වල් වතුරත් නෑ ජලාශ හිඳිලා. එතකොට ගැටුම් තමයි.
මෙන්න අපේ රටේ සුන්දරත්වය මේවා විනාශ වුනොත් අපේ අනාගත පරම්පරාවට අලි බලන්න සිංගප්පූරුවට යන්න වෙයි.
වන සතුන්ට අයිති ප්‍රදේශවල මිනිස්සු පදිංචි වෙන්න ගියහම වෙන්නේ ඕක තමයි. විශේෂයෙන් සතුන් ගමන් කරන මංකඩවල් අහුරා භවබෝග වගාකිරීම මේ ප්‍රශ්නයට එක හේතුවක්... මම දැක්කා මේ සතුන් ගොයම් කපාගත්තාට පසු ඉතිරිවෙන ඉපනැල්ල කන එක නවත්වන්න සමහරු ඒවාට ගිනි තියා ඇති බව... ඉපනැල්ලට ගිනි තියන එක නීතිවිරෝධී ක්‍රියාවක්... මොකද ඒවා දිරාපත්වූ විට පසට පොහොර එකතු වෙන නිසා. අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ අලිමංකඩ බේරා අවශ්‍ය තැන්වල සවිමත් විදුලි වැට සවිකර ඒවා නිසි අයුරින් නඩත්තු කිරීමයි. ඒ වගේ වැඩක් කරන එක රොකට් යවනවා වැනි මහා අති විශේෂ විද්‍යාවක් නෙවේ. අවශ්‍ය වෙන්නේ වුවමනාව පමණයි.
මේ අයට මේ දවස්වල හරියට කන්න නෑ. සමහර පළාත්වල වතුරත් නෑ.. නියඟය නිසා ජලාශ සිඳිලා
මේ මොකටද මේ අය එන්න හදන්නේ? දැන් එක අලි රංචුවක් කෙළිදෙලෙන් මහබැංකුවට විදලා ඉවර උනා විතරයි. මිනිස්සු පාඩමක් උගන්නපු දාට තමයි රඟේ සිහිවෙන්නේ..
අන්තිම පින්තූරේ නම් ලස්සන ගෲප් පොටෝ එකක්. මේගොල්ලෝ සෙල්ෆි ගහන්නත් ලඟදීම පටන් ගනීවි.