IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අම්පාරේ වන අලි රංචු කෙත්වතුවල කෙළිදෙලෙන් සරති

(වසන්ත චන්ද්‍රපාල)
 
ගොයම් කපා අවසන් වීමෙන් පසුව හැදෙන නිරිවගාව ආහාරයටගැනීම සඳහා අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වන අලි 200ක් පමණ පිරිසක් මේ දිනවල සවස්වරුවේ අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ මල්වත්ත සහ වලතාපිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටිති.
 
බුද්ධංගල අභයභූමියේ සිට එන වන අලි වලතාපිටිය වැවට පැමිණ පැයක පමණ කාලයක් දිය නෑමෙන් පසු ආහාර සොයා අස්වනු නෙළන ලද කුඹුරු වෙත යති.



අදහස් (6)

අම්පාරේ වන අලි රංචු කෙත්වතුවල කෙළිදෙලෙන් සරති

ජයරත්න Thursday, 15 August 2019 11:47 AM

වසන්ත මහත්තයා, පිංතූර ටික නම් සුපිරි, සම්මාන ලැබෙන්න ඕනෑ. ඒ වගේම මේ එක් පිංතූරයක් පත්තරේ මුල් පිටුවේ ගියේ නැත්නම් වැඩක් නෑ. සුන්දරම දසුන් පෙළක්... මේ අයට මේ දවස්වල හරියට කන්නේ නෑ. සමහර පළාත්වල් වතුරත් නෑ ජලාශ හිඳිලා. එතකොට ගැටුම් තමයි.

:       0       161

sampath Thursday, 15 August 2019 12:17 PM

මෙන්න අපේ රටේ සුන්දරත්වය මේවා විනාශ වුනොත් අපේ අනාගත පරම්පරාවට අලි බලන්න සිංගප්පූරුවට යන්න වෙයි.

:       0       61

sirimal Thursday, 15 August 2019 12:27 PM

වන සතුන්ට අයිති ප්‍රදේශවල මිනිස්සු පදිංචි වෙන්න ගියහම වෙන්නේ ඕක තමයි. විශේෂයෙන් සතුන් ගමන් කරන මංකඩවල් අහුරා භවබෝග වගාකිරීම මේ ප්‍රශ්නයට එක හේතුවක්... මම දැක්කා මේ සතුන් ගොයම් කපාගත්තාට පසු ඉතිරිවෙන ඉපනැල්ල කන එක නවත්වන්න සමහරු ඒවාට ගිනි තියා ඇති බව... ඉපනැල්ලට ගිනි තියන එක නීතිවිරෝධී ක්‍රියාවක්... මොකද ඒවා දිරාපත්වූ විට පසට පොහොර එකතු වෙන නිසා. අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ අලිමංකඩ බේරා අවශ්‍ය තැන්වල සවිමත් විදුලි වැට සවිකර ඒවා නිසි අයුරින් නඩත්තු කිරීමයි. ඒ වගේ වැඩක් කරන එක රොකට් යවනවා වැනි මහා අති විශේෂ විද්‍යාවක් නෙවේ. අවශ්‍ය වෙන්නේ වුවමනාව පමණයි.

:       0       124

ජයරත්න Thursday, 15 August 2019 02:41 PM

මේ අයට මේ දවස්වල හරියට කන්න නෑ. සමහර පළාත්වල වතුරත් නෑ.. නියඟය නිසා ජලාශ සිඳිලා

:       0       6

chandima Thursday, 15 August 2019 04:16 PM

මේ මොකටද මේ අය එන්න හදන්නේ? දැන් එක අලි රංචුවක් කෙළිදෙලෙන් මහබැංකුවට විදලා ඉවර උනා විතරයි. මිනිස්සු පාඩමක් උගන්නපු දාට තමයි රඟේ සිහිවෙන්නේ..

:       63       77

elpee Friday, 16 August 2019 03:41 AM

අන්තිම පින්තූරේ නම් ලස්සන ගෲප් පොටෝ එකක්. මේගොල්ලෝ සෙල්ෆි ගහන්නත් ලඟදීම පටන් ගනීවි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site