IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අම්පාර රෝහලේ නැවැතුණු වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න)

අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති දෙකක් රුපියල් මිලියන 1304 ක මූල්‍ය ප්‍රතිපාදන මත නැවත ඇරැඹූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසීය.

නියමිත කාලසීමාව තුළ ඉහත ව්‍යාපෘති අවසන් නොකිරීම නිසා ඒවා අවසන් කිරීමට මුල් ව්‍යාපෘති ඇස්තමේන්තු ගත මුදල මෙන් දෙගුණයක මූල්‍ය පිරිවැයක් රජයට දැරීමට සිදු වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ භෞතික සංවර්ධනය ඇරැඹීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව පසුගිය කාලයේ අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ ආරම්භ කර ඉදිකිරිම් නතර කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ මූලිකත්වය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව රුපියල් මිලියන 950 ක මුල්‍ය පිරිවැයක් යටතේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයේත් (A&E), රුපියල් මිලියන 354 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ කැතීටකරණ රසායනාගාර ඒකක සංකීර්ණයේත් ආරම්භ කළ ඉදිකිරිම් කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.එම ව්‍යාපෘති 2026 වසරේ අවසන් කිරිමට නියමිතය.



අදහස් (0)

අම්පාර රෝහලේ නැවැතුණු වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site