
(පී.විජේසේකර)
අම්පාර අවට ප්‍රදේශවලට ඇද හැළුණ තද වර්ෂාවත් සමග අම්පාර දිස්තික්කයේ ජලාශ 7 ක වාන් දොරටු ඊයේ (12) සවස් වන විට විවෘත කළ බව ජලාශ ඉංජිනේරුවෝ පවසති.
එම වැව් වීවෘත කිරීමත් සමග අක්කරපත්තු, කාර්තිව්, නින්දවූර් පහත් බිම් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය කියයි.
අම්පාර දිස්ත්‍රික්කයේ දකුණු දෙසට වන්නට පිහිටි පොතුවිල්,පානම, ලාහුගලට ඉහළින් මොනරාගල දිස්ත්‍රික්යේ පිහිටි ඇතිමලේ වැව,කොටියාගල වැව, මුතුකණ්ඩිය ජලාශය වාන්දොරටු විවෘත කිරිම නිසා පානම පොතුවිල් මාර්ග යටවි ප්‍රවාහනය ඇන හිටයේය.
මේ හේතුවෙන් ජන ජිවිතයේ දෛනික කටයුතු ඇනහිට බාධා එල්ල විය. හැඩ ඔය පිටාර ගැලීම නිසා මාර්ගය යටවිමෙන් නීලගිරි සෑය වන්දනා කිරීමට ආ බැතිමතුන්ට එගොඩ වීමට නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd