
(රෝෂන් තුෂාර)
ජාතීන් අතර සාමය හා සංහිඳියාව නැති වී වෛරය දනවන ආන්දෝලනාත්මක ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ කළේ යැයි අධි චෝදනා ලද අම්පිටියේ සුමන හිමි ඇප මත මුදා හැරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. ජේ. ප්‍රභාකරන් මහතා (17)නියෝග කළේය.
ජාතින් අතර සංහිඳියාව නැති වී වෛරය හා අනවබෝධය ඇතිවන ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රකාශ 2023 ඔක්තෝබර් මස 25 දින මාධ්‍ය ඉදිරියේ සිදු කරමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයි සි සි පි ආර්) උල්ලංඝනය කර දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට අධි චෝදනා හයක් යටතේ නීතිපතිවරයා පැවරු නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම ඇප නියම කළේය.
පසුගියදා( නොවැම්බර් 14 )නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි නොසිටීම හේතුවෙන් වරෙන්තු ලද විත්තිකරු ඊයේ දිනයේදී අධිකරණය පෙනී සිටීමෙන් පසුව අධි චෝදනා පත්‍ර භාර දුන් අතර රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට මහාධිකරණය විනිසුරුවරයා නියෝග කළේය.
විත්තිකරුට විදෙස් ගමන් තහනමක් පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද විත්තිකරුට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවරු දේශපාලන අතකොලු නොවී ආගම ප්‍රචාරණය පමණක් කරගෙන හිටියා නම් තමයි හොඳ.
ගෞතම බුදුන් විසින් දේශනා කරන ලදැයි ගිහියන්ට දේශනා වූ උත්තම ධර්මය දේශනා කරලා වෙන්න ඇති නේද