(සුජිත් හේවාජුලිගේ )
රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගෙන් සියයට 75කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.
ඉදිකිරීම් කටයුතු නතරවීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6 කට වැඩි පිරිසකගේ ජීවනෝපාය දැනටමත් සම්පූර්ණයෙන්ම පාහේ නතරවී පෙන්වා දෙන එම සංගමය රැකියා අහිමි වූ මෙම පිරිසෙන් වැඩි දෙනකු පහළ ආදායම් ලැබූ පිරිස් බවද සඳහන් කළේය.
සමාජයේ පහළ ආදායම් ලබන පවුල්වල ලක්ෂ 12කට වැඩි පිරිසක් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත වෙති.
ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයූ ආයතන 1000 කට වැඩි ප්‍රමාණයක්ද ඉදිකිරීම් කටයුතු අඩාලවීම හේතුවෙන් මුළුමනින්ම වැසී ගොස් ඇත.
සමහර තවත් එවැනි ආයතන වසා දැමීමේ දැඩි අවදානමක පවතින බව සඳහන් කරන ආරංචි මාර්ග ඇතැම් ආයතන වාහන ඇතුළු විවිධ දේපළ නඩත්තු කිරීමේ නොහැකියාව මත විකුණා දමමින් සිටින බවද පැවසුවේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩා වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල දිගින් දිගට ඉහළ යාම සහ ඉහළ මිලට හෝ ඒ අමුද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි ලබාගත නොහැකිවීම බව ඉදිකිරීම් සමාගම් පවසයි.
ඉදිකිරීම් කටයුතු මෙසේ කඩා වැටීමෙන් දැවැන්ත ව්‍යාපෘති බාර ගත් කොන්ත්‍රාත්කරුවන්ට සියයට 20 ක අමතර මුදලක් ගෙවීමට රජයට සිදුව ඇතැයි වාර්තා වේ.
මේ අතර ගල් කොරි ආශ්‍රිතව ජීවත් වූ විශාල පිරිසකගේ රැකියාද ඉදිකිරීම් ක්ෂේත්‍රය අඩපණවීම හේතුවෙන් අහිමි වී ගොස් ඇතැයි එම ක්ෂේත්‍රයේ නියුතු පිරිස් පෙන්වා දෙති.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් අංශය කඩා වැටෙයි
pakeer Sunday, 18 September 2022 05:01 PM
කොහොමත් මේ හදන ඒවා සහ හදපුවා ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ. සත 5ක් එන විදිහක් බලනවා නෙවෙයි. ඔක්කොම හරි බලන්නේ සත 5 හරි යන විදිහක්... හොඳ වැඩේ නුඹලාට. මහ ලොකු නුඹලගේ සංවර්ධනේ.. කිව්වා කිව්වා ඇහුවේ නැහැ.
samaadi Sunday, 18 September 2022 07:23 PM
ඉස්සර තට්ටු ගෙවල්වල හිටිය පයින් ගමනක් තිබුණේම නැති, අපිට දැන් පොළවේ පයගහලා ඉන්නත්, පයින් ගමන්, බිමන් යන්නත් පුරුදු වෙන්න වෙලයි තියෙන්නේ. ඔය හැම වෙනසක්ම තාම පටන් ගත්තා විතරයි.
සිල්වා Sunday, 18 September 2022 11:34 PM
අධික මිල සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් අපනයන කේෂ්ත්‍රයද දරුණු කඩා වැටීමකට මුහුණ දී ඇත...!
amila Monday, 19 September 2022 03:17 PM
ඇත්තටම දැන් රටට මොකද වෙන්නේ..?
janahithaTuesday, 20 September 2022 08:57 AM
අමු දුව්‍ය හිගය උනත් අතිවෙන්න තිබුනත් ප්‍රමිතියෙන් තොරව දැම්මොත් තමා කඩා වටෙන්නෙ රටෙ බහුතරය පත්කොරපු උඩවිය එම කර්තව්‍ය කරගෙන යනව ඔන්න ඔකයි තත්වෙ.