IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අමුද්‍රව්‍ය නැතුව ඉදිකිරීම් කොට උඩ

(සුජිත් හේවාජුලිගේ )

අමුද්‍රව්‍ය හිඟය සහ  අධික මිල ගණන් හේතුවෙන් මහල් නිවාස සංකීර්ණ ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට  අතරමඟ නැවතී ඇතැයි වාර්තා වෙයි.

මේ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂ අනුග්‍රහයක් දක්වන්නැයි එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.

මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගැනීම සියයට  80  කින් පමණ පහත බැසීම හේතුවෙන්  එම  ව්‍යාපාරිකයෝ දෙසීයකට ආසන්න පිරිසක්ද  දැඩි දුෂ්කරතාවයට මුහුණ දී සිටිති.

මේ අතර ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දෙන අර්බුද හේතුවෙන්  එම ක්ෂේත්‍රයේ  පෙදරේරුවන්, අත්උදව්කරුවන්, ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන් ඇතුළු ලක්ෂ දහයකට වැඩි  පිරිසකගේ රැකියා අහිමිවී ඇතැයි  ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

ඉදිකිරීම අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා එම ද්‍රව්‍ය සැපයීමේ ආයතන පන්දහසකට ආසන්න සංඛ්‍යාවක්ද  සම්පූර්ණයෙන්ම වැසි ගොස් ඇතැයි එම ක්ෂේත්‍රයේ  ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ආයතනවල රැකියා කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක්  මේ හේතුවෙන් මහමගට වැටී  ඇතැයි වාර්තා වේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමේ ආයතන සතුව පවතින ලොරි.,ටිපර්, බැකෝ වැනි වාහන  නඩත්තු කිරීමට නොහැකි වීම නිසා විශාල වශයෙන්   විකුණා දැමීමට පටන් ගෙන ඇති නමුත් ඒවා මිලදී ගැනීමට ගැණුම්කරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ ව්‍යාපාරිකයෝ  මේ මොහොතේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

සිමෙන්ති ,යකඩ ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල හිඟය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් බව ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.



අදහස් (4)

අමුද්‍රව්‍ය නැතුව ඉදිකිරීම් කොට උඩ

ganegoda Monday, 06 February 2023 01:32 PM

අනාගත බකමූණෝ, කපුටන්, පරෙවියන්ගේ නිවාස...

:       1       8

pakeer Monday, 06 February 2023 01:33 PM

ණයට අරගෙන ගෙවල් හැදුවාම අහලා නැද්ද, කෙළ වෙනවා කියලා... කොහොම වුණත් මේ හදන දේවල් ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි ඉන්නේ ලංකාවේ. නිව්යෝර්ක්වල නෙවෙයි. අපි අපිට පුළුවන් දේවල් ඕනෙ කරන්න. දැන්වත් බලපල්ලා. නිෂ්පාදන මත ගොඩනැගුණු ව්‍යාපාර අරඹන්න.

:       5       11

liyanna Monday, 06 February 2023 03:20 PM

මාලිගාවක් නෙවෙයි, යන්තම් නොතෙමී ඉන්න පැළක් අටවා ගන්නවත් මිනිස්සුන්ට බැරිව ගියා...

:       0       7

ගයාන් සමීර Monday, 06 February 2023 03:25 PM

හිඟනම් කොහේද? දැන් ඕනෑතරම් ගල්, වැලි, සිමෙන්ති තියෙනවා. මිල වැඩි එක හරි...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site