
(සුජිත් හේවාජුලිගේ )
අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් උපරිමයෙන් කැපවී වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍යවරුන්ගෙන් අද ඉල්ලීමක් කළේය.
ඔහු මෙම ඉල්ලීම කළේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එම අමාත්‍යවරුන් අමතා ප්‍රකාශයක් කරමිනි.
අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැප වන ලෙසටද ජනාධිපතිවරයා නව අමාත්‍යවරුන් ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.
බොහෝ ආයතන අද පවතින්නේ දැඩි මූල්‍ය අර්බුදයක බව පැවසූ රාජපක්ෂ මහතා එය නිවැරදි කරන්නැයිද ඉල්ලීමක් කළේය.
ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ග් එකටත් නව ඇමතිවරුන්ට අවස්ථාව තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අවංක, කාර්යක්ෂම, පිරිසුදු පාලනයකට කැපවන ලෙසටද ජනාධිපතිවරයා නව අමාත්‍යවරුන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය." සභාවේ තදින් සිනා...
එහෙම වුණොත් උන් කියාවි.. මෝඩඑවුන් බං... මෝඩඑවුන් බං... // කියලා.
සිස්ටම් චේන්ජ් කොහොම වුණත්, ජනතා විරෝධතාව නිසා සහ ගමට යන්න බැරිව මේකෙන් කී දනෛක් හෙට හෝ අනිද්දා ඉල්ලා අස්වේවිද?
හොරා කාලා, බොරු කියලා දැන් බයිලා කියන්න හදනවා. අර මිග්වලින් හොරකම් කළ බිලියන ගණනක ඩොලර් නැවත ලංකාවට දෙන්න.
ඔය ප්‍රතිඥා දෙන්නේ පුටුවේ වාඩිවෙනකම් විතරයි. වාඩිවූ පසු ඔය කොයිකෙනත් වැඩකරන්නේ පරණ පුරුදු තාලෙටම තමයි.. ඉතින් කොහෙන්ද රටක්..?
ඔබතුමා නම් පාලකයෙක් නොවෙයි..
කකුළුවා ඇදේට යමින් පැටවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. ජනතාව ඉල්ලන දේ නෙවෙයි ඔයා කරන්නේ...
අසීමිත වරප්‍රසාද අරගෙන රටට හරියට යමක් නොකර දූෂිත පවුල් පාලනේ අය, දේශපාලුවන් කරපු වැඩ නිසා තමයි රටම වලපල්ලට වැටුනේ. ඔය බයිලා හොඳා කොණ්ඩේ බැඳපු චීනුන්ට. තමුන්ලාගේ බැරිකම දැන් ලෝකයම දන්නවා...
කාඩ් කුට්ටමේ හිටිය ජෝකර්ලා වෙනුවට දැන් බූරුවෝ දාලා.
දැන් කලින් ඉවත් වෙච්ච ඇමති/ නියෝජ්‍ය ඇමති වරුන්ගේ වාහන, ගෙවල් නැවත බාරදුන්නාද? එහෙම කරලා නැත්නම් දැන් බර දෙගුණ වෙනවා නේද? කලින් පිරිසයි, අලුත් පිරිසයි දෙගොල්ලන්ම නඩත්තු කරන්න වෙන්නේ මහජනතාවට නේද?
ර උපදේශය "ඔවා දෙනු පර හට... තමා සහ අයියලා සම්මතේ පිහිටා සිට" කියලා වෙනස් කරමු.