IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අමාත්‍යංශයේ වාහන 18ක් ඇමතිගේ ගෙදර වැඩට

අමාත්‍යංශයේ වාහන 18ක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් ඇමැතිවරයෙක් ඉන්නවා.

මැති ඇමැතිවරුන්ට ලැබෙන වාහන බලපත්‍රය විකුණලා අමාත්‍යංශවලට සැප වාහන ගන්නවා. ඊට පස්සේ ඒවා ඔවුන් පරහරණය කරනවා. මේවා හෙළි කළාම හෙළිකළ කෙනාගෙන් පලි ගන්නවා යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

ඇමැතිවරුන් කරන්නේම හොරකම විතරයි ඒවායින තමයි ආර්ථිකය විනාශ වුණේ යැයි ද ඒමහතා පැවැසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී තුෂාන් ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.
 



අදහස් (9)

අමාත්‍යංශයේ වාහන 18ක් ඇමතිගේ ගෙදර වැඩට

ලුම්බිණි Friday, 08 April 2022 11:05 AM

කෙලින්ම නම් කියන්න. බය වෙන්න එපා. ඒ ගොල්ලන්ගේ කාලේ ඉවර වේගන එන්නේ.

:       0       0

පැරකුම් Friday, 08 April 2022 02:01 PM

මෙවැනි චෝදනා සාධක සහ නම් ගම් සහිතව ඉදිරිපත් නොකිරීමෙන් සිදුවන්නේ පාඨකයා මුලා කිරීමකි. එවන් පුවත් පලකිරීමෙන් ඇති පලය කිම ?

:       0       0

ජනතාව දැනුවත් කිරීම Friday, 08 April 2022 02:25 PM

මෙවැනි දේ කෙළින්ම එළි කළ හැකි අය තව සිටී නම් රට වෙනුවෙන් ඉදිරිපත්වීම වටියි.

:       0       0

ජුණ්ඩප්පුවා Friday, 08 April 2022 02:42 PM

හොරා කන්න නොදී ගෙදර යවපු එකට පලිගන්න දඟලන දැඟලිල්ලක්. ඔව්වා කියහං මලේ කොණ්ඩෙ බැඳපු චීනෙකුට. ඕං කඩවත මහනුවර අධිවේගී මාර්ගේ හදන තැන ඉන්නවා.

:       0       0

මංජුල දසනායක Friday, 08 April 2022 03:05 PM

කාලකන්නි දේශපාලුවෝ එදා ඉදලම කළේ ඔය ටික.ඡන්ද කාලෙට පොදුජන හිතවතා, දුප්පතාගෙ හිතවතා,,කියාගෙන මිනිස්සු ගොනාට අන්දලා බලය අරන් රටේ සම්පත් කොල්ල කමින් රටම අගාධයට ඇද දැමූ මේ කාලකණ්නි හැත්ත රටින් පිටුවහල් කරන්න ඕන.

:       0       0

Anjana Saturday, 09 April 2022 02:26 AM

මේවා මොනවා කිවත් තවමත් අපේ මිනිස්සු මී හරක් වගේ ඇමතිලාට ගරුකරනවා... එක තමයි ඇත්ත ලංකාවේ තියෙන... හරිම දුකක් දැනෙනවා මිනිස්සු ගැන බැලුවාම...

:       0       20

සරා Saturday, 09 April 2022 03:00 AM

මෙයා වැඩ කලේ පාරිභෝගික අධිකාරියෙනේ..? ඒ වුණාට කතාව ඇහුවාම මෙයා කියන්නේ වෙන වෙන ආයතනවල වංචා ගැන... මට නම් පේන්නේ මාධ්‍ය අවධානය ගන්න කිසි පදනමක් නැතිව කියවන කෙනෙක් කියලා...

:       15       3

Akila Saturday, 09 April 2022 06:29 AM

කවුද? බන්දුලද?

:       1       12

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 09 April 2022 07:00 AM

තුෂාන් මහතා විසින් කියනු ලබන ඇමැති කව්ද කියා හිතාගන්නට පුළුවන්. ලොකු කටක් තියෙන, කට ඇරියොත් බොරු කියන, උගත්කම තිබුණත්, බුද්ධිමත් බව නැති කෙනෙක් නේද?

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site