(ඩයනා උදයංගනී)
අමාත්‍යාංශ දෙකක විෂය පථය සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
කර්මාන්ත අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවන් මෙයින් සංශෝධනය කර ඇත.
ඒ අනුව, මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ “දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම” යන කාර්‍යය පරිසර අමාත්‍යාංශය යටතට පවරා ඇත.
එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙයා කරපු වැඩ වලින් රට්ටුන්ට මතක මේ ගැසට් ගැහිල්ලයි රිවස් කිරිල්ලයි පමණයි.ඒකත් උදේට ගහනවා.හවසට රිවස් .නමුත් මොල හතා කොච්චර ෆේල් උනත් ඒවට ගැසටුත් නෑ.රිවසුත් නෑ.