
(සුජිත් හේවාජුලිගේ)
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන් මෙන්ම දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ අැත
කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදුවූ සංශෝධනයත් සමග විෂය පථයන් මෙසේ සංශෝධනය කර ඇත
එ් අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට පවරා අැත
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයටද, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතටද පත්කර ඇත
පරිසර අමාත්‍යංශය යටතේ පැවති භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතටත්, කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පැවති කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතටත් පත්කිරීමට කටයුතු කර අැත
මේ අතර බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ලංකා විදුලිබල සමාගම සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර ඇති අතර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදුන් නව ආයතන 4 ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත
පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයෙ දී හඳුන්වාදුන් අමාත්‍යංශවල විෂය පථයන් ද මෙම නව ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කර අැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු සහ අළුත් ඇමතිලා අතර මත ගැටුම් නිර්මාණයවී, ගාලගෝට්ටි ඇතිවී, කාර්යක්ෂමතාවය අඩු වැඩිවීමක පටන් ගැනීමක්ද, මෙම දාම් පෙතෙ ඉත්තන් ඇදීමෙ ක්‍රීඩා වෙන් ජනතාවට ඉදිරියෙදී බලාපොරොත්තු විය හැක්කේ ??? AKD ජනාධිපති වරයා ගත් මෙම තීරණය මගින් රටට යහපතක්ම වේවා කියා පතමු ...