(අංජුල මහික වීරරත්න)
අප්‍රේල් 16 සහ 17 යන දිනවල රජයේ ආයතනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමට රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළේය.
මෙම රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමසා බැලිණි.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වීම සහ එහි ප්‍රගතිය මෙහිදී විශේෂ අවධානයට ලක් විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට ඩීසල් 42% ක ඉතිරියක් කර ඇති අතර ‘විදුලිය සහ ජල කළමනාකරණ වැඩසටහන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙන බව මෙහිදී අනාවරණය කෙරිණි.
අප්‍රේල් 7 සහ 9 යන දිනවල පාසල් මට්ටමින් බලශක්තිය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත බවත්, විශ්වවිද්‍යාල හැකි ඇතැම් අවස්ථාවන්හිදී මාර්ගගතව ක්‍රියාත්මක වන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු විභාග සැලසුම් කර තිබු ආකාරයට පැවැත්වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාශය දැනුම් දුන් අතර, ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික, අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක ප්‍රමාණයක් ගෙන්වාගෙන සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව සඳහන් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd