
(අංජුල මහික වීරරත්න)
අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) සංශෝධනය සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2024-08-12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිරීක්ෂණ ගණනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම පනත් කෙටුම්පතට අදාළව මූලික කෙටුම්පත සකස් කිරීම සඳහා එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ යොමු කර ඇති අතර, එම කමිටුව විසින් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා තවදුරටත් විධිවිධාන කිහිපයක් ඇතුළත් කරමින් දැනට පිළියෙල කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සංශෝධනය කිරීම නිර්දේශ කරනු ලැබ ඇත.
එකී නිර්දේශ මත පදනම්ව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපරාධයකින් ඉපයූ දේපළ ගැන පනත සංශෝධනය කරයි
රුවන් Tuesday, 10 December 2024 02:23 PM
උදාහරණයක් විදියට මෙන්ඩිස් සමාගම රජයට ගත්තා හෝ විදේශීය සමාගමකට වික්කොත් ඩොලර් මිලියන ගානක් රටට එනවා, නැත්තං වල් වැදිලා අවුරුදු ගානක් යනවා, රටට මුකුත් නෑ.