(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවකු වූ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලින්ත පෙරේරා නොහොත්  කොමන්ඩෝ සලින්ත නමැත්තාට උණ්ඩ 350ක තොගයක් ලබා දුන් හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි

එලෙස ලබා දී ඇත්තේ නයින් එම් එම් පිස්තෝල වර්ගයේ උණ්ඩය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ එක මගින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර හිටපු සෙබළා අත්අඩංගුවට ගෙන ඇත

42 හැවිරිදි  සැකකරු නාවලපිටිය , පුස්සේ මංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ එක පරීක්ෂණ පවත්වයි