IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අපරාධ නඩු විධාන නියෝග පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ පනවනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත මඟින් විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ද, ඇතැම් නඩු වලදී ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහා ද, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා ද, ඊට සම්බන්ධ කාරණා සඳහා ද විධිවිධාන සලසා ඇත.

 එකී පනතේ විධිවිධාන, පනත ක්‍රියාත්මක වූ දින සිට වසර 02 ක කාලයක් සඳහා වලංගු වේ. එම පනතේ 7 වන වගන්තියේ (2) වන උපවගන්තියට අනුව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් අධිකරණ විෂය භාර අමාත්‍යවරයා විසින් පනත ක්‍රියාත්මක වීම තවදුරටත් දීර්ඝ කරනු ලැබිය හැක. 

ඒ අනුව, එකී පනත ක්‍රියාත්මක වීම මේ දක්වා වරින් වර දීර්ඝ කරනු ලැබ තිබේ. අදාළ පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීම 2025-02-02 දින සිට තවත් වසර 02 ක කාලයකින් දීර්ඝ කරමින් අංක 2418/28 හා 2025-01-08 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනයේ පළ කරනු ලැබ ඇති නියමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

අපරාධ නඩු විධාන නියෝග පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site