
(සුජිත් හේවාජුලිගේ )
අපරික්ෂාකාරී රියැදුරන්ට එරෙහිව ස්ථානීය දඩ පත්‍රිකා දීමකින් තොරව ඔවුන්ට එරෙහිව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස්දී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ සේනාධීර මහතා පැවැසීය.
පොසොන් සමයේ අධික ශබ්දය පිටවන සයිලන්සර් සහිත යතුරුපැදිවලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
මේ අතර, පොසොන් සමයේ රාජකාරී වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් දසදහසක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතා සදහන් කළේය.
මේ අතර පෙරේදා දිනයේ සිදුවූ රිය අනතුරු හතරකින් සිව්ු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මාතලේ - කුරුණෑගල මාර්ගයේ කුඩා ඔය පාලම අසල ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම, හෙට්ටිපොල - වස්ගමුව මාර්ගයේ 42 කිලෝමීටර කණුව අසලදී යතුරුපැදියක් පෙරළී සිදුවූ තවත් අනතුරකින් 18 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත. මේ අතර, පාදෙණිය - අනුරාධපුර මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගැටී 65 හැවිරිදි අයෙකු මියගොස් ඇති අතර වෙන්කල්අඩි මාර්ගයේ යතුරුපැදියක් ලොරියක ගැටී සිදුවූ තවත් අනතුරකින් 26 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd