(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු  අද (17) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශ වලින් ප්‍රතිකාර සදහා පැමිණි රෝගීහු දැඩි දුෂ්කරතාවයකට පත්වුහ.

බාහිර රෝගී අංශයේ හා සායන රාජකාරිවලින් වෛද්‍යරුන්  ඉවත්ව සිටින අතර අනෙකුත් සේවාවන් ක්‍රියාත්මකය.

අනුරාධපුර ශික්ෂණ රෝහල් භුමියේ සහ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාර වල පවතින අනාරක්ෂත තත්වය හේතුවෙන් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් සේනතුංග මහතා පැවසිය.

පසුගිය සතියේදි වෛද්‍යවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ටී56 වර්ගයේ ගිනි අවි සදහා සදහා භාවිතා කරන හිස් පතුරම් කොපු 100 කට අධික ප්‍රමාණයක් හමුවු බවත් ඊට පෙර වෛද්‍යවරියන්ට තර්ජනය කිරිමත් වාර්තා වුවත් ඒ සදහා නිසි ක්‍රියා මාර්ගයක් බලධාරින් විසින් නොගැනිමට විරෝධය පළ කිරිම සදහා මෙම සංකේත වර්ජනය ආරම්භ කළ බ වද වෛද්‍ය සේනතුංග මහතා පැවසිය.