
(බී.ජී.චතුරංග)
"උරුමය සුරකින අභිමන් පුරයක්" යන නමින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ලංකාවේ ලොකුම ත්‍රීරෝද රථ ගාලේ රියදුරන් සහ එයින් යැපෙන පවුල්වල අඹු දරුවන් පාරට ඇද දමා ඇතැයි පවසමින්, අනුරාධපුර නව බස්නැවතුම්පල අසල ත්‍රිරෝද රථගාලේ රියදුරෝ අද එම බස් නැවතුම්පළ ඉදිරිපිටින් දිවෙන ප්‍රධාන මාර්ගය වසා දමා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
අනුරාධපුර නව නගරයේ ඉදි කිරීම් ආරම්භ කර ඇති දක්ෂණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය හේතුවෙන් ඒ අසල වසර තිහකට වඩා වැඩි කාලයක් කුලී ගමන් යමින් ජීවත් වූ රථ ගාල ඉවත්කර එම ස්ථානයේ ප්‍රභූ රථ ගාලක් ඉදිකිරීමට යාම හේතුවෙන් තමන් ඇතුළු අඹු දරුවන් දැඩි ලෙස අසරණභාවයට පත්වන බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි... සංවර්ධනය කරන්න ප්‍රභූරටක ගාලක් හදන්න ඕනෙද? මිනිසුන් ඔබේ වාරයයි. තුනෙන් දෙකක් දීලා කරපු මරණීය පාපය නිවැරැදි කරගන්න කාලයයි. අයුතු අසාධාරණ දේශපාලන මංකොල්ලකෑම්වලට විරුද්ධව දැන්වත් නැගිටින්න. මේ අපේ දුප්පත් සල්ලි කියලා තේරුම් ගන්න...
මේ උන්නැහේලා නේද ඊයේ පෙරේදා ගල්සාදු පිටියේ ලොකු රැළියක් පැවැත්තුවේ, එහෙම කරලා ඇයි දැන් කනවෝ කනවෝ කියන්නේ...!
යුක්රේන් උද්ඝෝෂණයේ ජෙප්පන් නොසිටියේ ඔවුන් මෙතන සිටිය නිසයි. හරි හරි මල්ලි ටිකක් කෑගහලා යන්න.