IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අ‘පුර අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට

(බී. ජී. චතුරංග සහ උපුල් හේරත්)

මහනුවර - යාපනය, ඒ නවය මාර්ගයේ මිහින්තලය සහ තිරප්පනය යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලය සහ තිරප්පනය පොලිසි පවසයි.

ඒ නවය මාර්ගයේ කිලෝමීටර් කණු 128 සහ 129 අතර පිහිටි මිහින්තලේ, වැල්ලමොරාන ප්‍රදේශයේදී ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දකුණු දිසාවට ධාවනය වී මාර්ග සංඥා පුවරුවක සහ බෝක්කුවක ගැටී  සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක් සිට පත්ව ඇත්තේ , නුග සෙවන නුවර පාර , පලුගස්වැව ලිපිනයේ පදිංචිව සිටි කැබ්රථ රියදුරා වන සෙනවිරත්නගේ කවිඳු උදාර සෙනවිරත්න නැමැති 25 හැවිරිදි පුද්ගලයකු සහ අනුරාධපුර රණසේවාපුර 21වන පාබල සේනාංකයේ රාජකාරී කරමින් සිටි යුද හමුදා මේජර්වරයකු වන මිහින්තලේ අනුරාධපුර පාර පදිංචිව සිටි නිෂ්ශංක ආරච්චිලාගේ දිනේෂ් ඉසුරු කුමාර නිෂ්ශංක නැමති 37 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ නවය මාර්ගයේ තිරප්පනය දෙස සිට ගල්කුලම දෙසට ධාවනය වූ වෑන් රථයක් එම මාර්ගයේ ඥානික්කුලම පාලම පසුකර කිලෝ මීටර්කණු 118 සහ 119 කණු දෙක අතර ප්‍රදේශයේදී, මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූ බව තිරප්පනේ පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිවලාකුලම, පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි එන්. කපුරුබණ්ඩා නැමති 93 හැවිරිදි පුද්ගලයෙකි.

 



අදහස් (0)

අ‘පුර අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site