(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ අපනයන ඉපයුම් පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්‍ෂව 22.4 %කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
මෙම වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා අපනයන ඉපයුම් අමෙරිකානු ඩොලර් මිලියන 7886 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් කොවිඩ් තත්වය යටතේ වුවද අපනයන නිසි කළමනාකරණය තුළින් මෙම වර්ධන ළගාකරගත් බවත් මුදල් අමාත්‍යංශය පවසයි.
මෙම වසරේ පළමු මාස අටේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සාමාන්‍ය ඩොලර් මිලියන 986 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය ඩොලර් මිලියන 840 ක්ව පැවැති බවත් මුදල් අමත්‍යංශය වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් හදලා බැලුවම මටනම් එන්නේ 17.35% වැඩි වීමක්. තවත් උප්පරවැට්ටියක්ද කොහෙද
ලෝකයේ හොදම තේ තියෙන්නෙ ලංකාවෙයි කියන එකත් වෙනස් කරලා තේ වලින් අපිව පස්සට යවලා මාළු අපනයනයත් අඩු කරලා, මල් වගාව වගේම එළවළු අස්වැන්නත් සේනා දලඹුවොයි, අනිත් කෘමීන්ටයි කන්න දීල ඇලඩින්ගේ පුදුම පහනින්ද දන්නෙ නෑ මෙවැනි ප්‍රගතියක් අත්කර ගත්තෙ.