
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දොළහමාර වෙනතුරු විවාදය පැවැත්වීමට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව ගියහ
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා
මේක දොළහ මාර වෙනකම් කරලා තුන්වෙනිදා දක්වා කල් දාමු. පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමාලා එකඟ වුණා ඒකට. විපක්ෂයේ අය අයවැය කල් දාන්නත් කිව්වා.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මහතා පැවසීය.
අපි පක්ෂ නායක රැස්වීමේදී දොළහමාර වෙනකන් ඉන්න එකඟ වුණේ නැහැ. අපි කිව්වේ අද දවසම අවශ්‍යයි කියලා.
( සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිටව යති)
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සභා ගැබේ තවදුරටත් රැඳී සිටිනු දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැති අය පාර්ලිමේන්තුවේ. අනිත් අය මිනිසුන් ළඟ
රටේ අනිත් වැඩත් කෙරෙන්න ඕනෑ. නැතිනම් රටක සමස්ත යාන්ත්‍රණයම අඩපණ වෙනවා. සුනාමි කාලෙත් රටේ වැඩ සාමාන්‍ය විදිහට වුණා. ඒ විතරක් නෙවෙයි ... සුනාමි ආධාර හොරකම් කළ නායකයෝත් හිටියා. අනිත් එක ඔය විපක්ෂය හිටියත් එකයි, නැතත් එකයි. මෝඩ මිනිස්සු ටිකක්නේ කොහොමත් ඉන්නේ.
අසමගි ජනබලවේගයේ උන් හිටියත් එකයි, නැතත් එකයි. මේ වෙලාවේ දේශපාලුවෝ කරන්න ඕනේ වාද කරකර ඉන්න එක නොවෙයි. තමුන්ගේ ගම් පළාත්වල ජනතාව ගැන සොයා බලන එක.. කියන්නේ නම් ජනතා නියෝජිතයෝ, ජනතාවට සේවය කරන්ඩයි එන්නේ කියලා , ඡන්දේ කාලේට ගම්වලට ගිහින්, ජනතාව අන්දවලා ඡන්දේ හිගාකන දේශපාලුවෝ ගැන කවර කතාද?.