
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගෙන් සියයට අනූවක්ම ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය නොව වෙනත් වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව පෙනී යන්නේ යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
තානාපති තනතුරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තනතුරු ලබාගැනීම, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීම් ලබා ගැනීම, ආණ්ඩුකාර ධූර, සංස්ථා සභාපතිකම් ඇතුළු විවිධ තනතුරු ලබා ගැනීම, මීළඟ මහ මැතිවරණයේදී තරග වැදීමට ජන පදනම සකස් කර ගැනීම, පිළිගත් දේශපාලන පක්ෂවලට සූක්ෂම ලෙස ඇතුළුවීම සහ ඒවායේ නිලතල ලබා ගැනීම, මාධ්‍යයන්හි වෙන් කෙරෙන ගුවන් කාලය පාවිච්චි කරමින් ප්‍රධාන අපේක්ෂකයන්ට කෙලින්ම හෝ අනියමින් සහාය දැක්වීම සහ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම යනාදී කාරණා
මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර වන බව නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.
පළාත් පාලන ආයතනයක මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සඳහා හයිය ලබා ගැනීම මීට පෙර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයකුගේ අරමුණ වූ බව ඔහුගේම ප්‍රකාශයකින් තහවුරු වූයේ යැයිද හෙතෙම සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
මින් වැඩි පිරිසක් ව්‍යවසායකයෝ, දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ අපේක්ෂකයන් විශාල වශයෙන් ඉදිරිපත්වීමෙන් වැඩිවන සෑම අපේක්ෂකයකු වෙනුවෙන්ම කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වෙන්න ඉල්ලන අය මෙතරම්ම ඉන්න එකම රටත් ලන්කාව වෙන්න ඇති...
මම කිව්වේ මෙයාලා ඡන්ද කඩන වැඩේට බැහැලා ඉන්නේ කියලා...!
කිසිම ස්වාධීන අපේක්ෂකයෙකුටවත් ඡන්දය දෙන්න එපා...
හරිම විනෝද කාමී රටක්, ජනාධිපති කම එච්චර පහතට වැටිලා...
එතකොට ඒ වැඩිවෙන අපේක්ෂකයෙකුට යන වියදම ඇප තැම්පතුවක් ලෙස අර ගන්න, 5%ක් වත් ඡන්ද ලබා ගන්න බැරි නම් ඒ ඇප තැම්පත් රාජසන්තක කරන්න. රුපියල් කෝටි දෙකක් කියන්නේ දැන් කාලේ මහ ගාණක් නොවේ... විදේශ රටක කම්කරු මට්ටමේ නොවන සාමාන්‍යයෙන් හොඳ රැකියාවක් අවුරුදු දෙකක් කෙරුවා නම් ඔය මුදල ඉතිරි කර ගන්න පුළුවන්... ඉතින් ව්‍යාපාරිකයින්ට ඕක කොහොමත් කජ්ජක් නොවේ. ඒ නිසා ඒ මුදල අය කර ගන්න විනෝදකාමී සියලු අපේක්ෂකයින්ගෙන්...!!!
සෑම අපේක්ෂකයෙකුටම මැතිවරණය සඳහා රජයට දැරීමට වන වියදමට සමාන මුදලක් ඇපමුදලට එකතුකර අපේක්ෂකත්වය අනුමත කළොත් අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්විය හැකියි. එසේම ඡන්දයෙන් පසුව ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 25% ට වැඩියෙන් ගන්නා අපේක්ෂකයින්ගේ ඇප මුදල ආපසු ලබාදිය හැකියි...!