(ජයන්ත සමරකෝන්)
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරන ලෙසට එම රෝගීන්ගේ ඥාතීන්ගෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂ්‍ය වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඉල්ලීමක් කරයි.
රෝහලට පැමිණීමේදී මුඛ ආවරණ පැළඳ පැමිණීම වඩාත් යෝග්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට රෝහලේ නේවාසිකව පසුවන රෝගීන් 1500 දෙනාට සහ ළමා රෝගීන් 150 දෙනාට මුඛ ආවරණ සපයා ඇතැයි කී අධ්‍යක්ෂවරයා සියලුම රෝහල් සේවකයින්ටද මුඛ ආවරණ පැළඳින ලෙසට දැනුම් දී ඇතැයි සඳහන් කළේය.
අමුත්තන්ට ළමා වාට්ටු වලට යාම සීමාකර ඇති අතර එම ළමුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ සියලුම වැඩ සටහන් අවලංගු කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිසුන්ගේ ගොන්පාට් බොහෝමයක් ඇත. දොස්තර හමුවෙන්න එන්නේ පවුල් පිටින්ය. සුපර් මාර්කට් එකකට එන්නේ පවුල්පිටින්ය.