
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය කණ්ඩායමක් වෙනුවෙන් ලබා දුන් සහායක් නොවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ඉන්දීය රාජ්‍ය සභාවේදී පැවසුවේය.
රටක් ලෙස ශ්‍රී ලංකාවට එම සහාය ලබා දුන් බවත් ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේ සහාය ලබා නොදුන්නා නම් ඉන්දියාව අසල්වැසියා ලෙස තම වගකීම් පැහැර හැරි රටක් වන බවත් එහිදී ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දියාව, ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකදී, එය වත්මන් රජය පමණක් නොව පසුගිය රජයන්ද අනුගමනය කළ දිගු කාලීන ස්ථාවරය බවත් එය ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ යහපත උදෙසා ඉදිරියට යා වඩාත් ඵලදායී ක්‍රමය එය බවත් ආචාර්ය ජයශංකර් මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සහාය රටටමයි, කණ්ඩායමක නොවේ, ඉන්දියාවෙන් පැහැදිලි පිළිතුර ලැබීතිබේ!