IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


’’ අපි වැඩ කරන්නේ එක ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන නොවේ’’

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ එක් ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන නොව සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 

"යූත් ක්ලබ්" දිස්ත්‍රික් මණ්ඩල පිහිටුවීම අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ඒ අනුව Youth Club කිලිනොච්චි දිස්ත්‍රික් සම්මේලනය කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

මෙරට තරුණ තරුණියන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බවත්, මෙරට තාරුණ්‍යයට ඔවුන්ගේ මාර්ගය තෝරා ගැනීමට youth club හරහා ප්‍රවේශයක් හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. 

Youth Club සමග සම්බන්ධ වීමෙන් රජය සමඟ සෘජු ව සම්බන්ධ විය හැකි ව්‍යුහයක් නිර්මාණය වන්නේ යැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ ඔස්සේ නව අදහස්, යෝජනා මෙන්ම විවේචන ද ඉදිරිපත් කිරීමට හැකි බව සඳහන් කළේය.



අදහස් (5)

’’ අපි වැඩ කරන්නේ එක ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන නොවේ’’

ගුණරත්න Sunday, 27 July 2025 04:15 PM

බු හා හා, ඒ වුණාට තනතුරු දෙන්නේ පක්ෂේ උන්ට.

:       4       16

පන්සිළු Sunday, 27 July 2025 04:18 PM

එහෙම කවුරු හරි වැඩ කළාද ?

:       2       13

ටිල්වින් සීයා Sunday, 27 July 2025 04:57 PM

අපි වැඩ කරන්නේ මොකක් හරි අපිට වැඩියෙන්ම ගෙවන ආගමටයි, ජාතියටයි. ඇයි අවුල්ද?

:       5       12

pakeer Sunday, 27 July 2025 06:50 PM

ඕනම කෙනෙක් මුලින් තැන දෙන්නේ තමන්ගේ කෙනාට... ඒක මූලික මානසික ගතියක්...

:       4       3

රනේ Monday, 28 July 2025 08:51 AM

විකෘති මනසින් ලියන comments කුමක් අදහස් කරන්නේ දැයි අපට නොවැටහෙන්නේ නොවේ. නමුත් ඒවායේ භාවිතයක් වර්ථමානය තුළ නොමැති බව ඔවුන්ට නොදැනේ. ඒ ඔවුන් මුදල් මත සහ පුහු විරුද්ධ මත පමණක්ම කටයුතු කරන නිසාමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 308 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site