IMG-LOGO

අපේ රජයක් යටතේ අයි.එම්.එෆ් නැවත සංශෝධනය කරනවා

(නිමල කොඩිතුවක්කු)

තම රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

අයි. එම්. එෆ්. සමග ගිවිසුම් ඇති කර ගන්නේ ටයිකෝට් ඇද රජ මැදුරුවල සුරසැප විඳින පාලකයන්ගේ හා සුපිරි පොහොසතුන්ගේ වුවමනාවට නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වුවමනා පිළිබඳ අවධානය යොමු කරමින් බවත් විපක්ෂනායකවරයා පැවසීය.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ගැලපෙන ලෙස වෙනස් කරන බවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී දැනුම් දුන් බවත් සක්වල වැඩසටහන යටතේ දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කීවේය.



අදහස් (16)

අපේ රජයක් යටතේ අයි.එම්.එෆ් නැවත සංශෝධනය කරනවා

ajith Tuesday, 26 September 2023 06:08 PM

වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ලක්ෂ 220ක් වූ ජනතාවගේ වුවමනා පිළිබඳ අවශ්‍ය තත්වයක් තිබ්බෙනම් අගමැති තනතුර බාර ගැනීමට ලබාදුන් අවස්ථවේ මගහැර සිටියේ ඇයි.

:       0       0

gamini Tuesday, 26 September 2023 06:12 PM

කව්රු කව්රුත් එළියේ මොන කයිවාරු ගැහුවත්, අයි. එම්. එෆ්. එක ඉදිරියේ හිමිජ්ජන් බව රටම දන්නා කරුණක්.

:       0       0

රනිල් වික්‍රමහින්ගා Tuesday, 26 September 2023 06:15 PM

අනේ ප්පලයන් මෝඩයා..නිධන් කඩපු ෆයිල්, හොර සල්ලි ගහපු ෆයිල් ..වගේ ඒවා මගේ ගාව තියෙනවා, වෙලාවට ඇදලා තමුෂේව කූඩු කලාම කොහොමද ආණ්ඩු පිහිටුවන්නේ ?2048 වෙනකම් මම තමයි ජනාධිපති , මම මුළු දුපතම විකුනලා දානවා.මොකද මේක මගෙයි කියලාද ? බුදුන්වහන්සේ කියලා තියෙන්නේ සියල්ලමඅත් හරින්න ' කියලා.මමත් මේ සියල්ල අතහැරලා විකුනලා දානවා.

:       0       0

Indika Tuesday, 26 September 2023 06:19 PM

පල යන්න .උඹ හදන ආණ්ඩු .බය ගුල්ලා.අපි දැක්කානේ ආණ්ඩුව කලින් කරන්න කිවුවම හැංගිච්ච හැටි.ඔබතුමා කටින් විතරයි වැඩ

:       0       0

C.K.Lankaputhra Tuesday, 26 September 2023 07:19 PM

අනේ මේ! අපේ රජයක් යටතේ , බම්බුව.

:       1       12

සමන් Tuesday, 26 September 2023 07:41 PM

ඔබතුමාගෙ පියාණන් ජනාධිපති ධුරය දැරූ කාලයේත් IMF සමග ඔය වගේම ගිවිසුම් ගහලා ණය ගත්තා කියලා අහලා නැද්ද. රාජ්‍ය සේවය අඩු කරන්න කියලා අවුරුදු 30ක් හෝ ඊට වඩා සේවය කළ අයට වසර දෙකක වැටුපක් දී ගෙදර ඇරිය. ඒ වගේ බොහෝ දේ කරා. සමහර වෙලාවට මතක නැතුව ඇති නැත්නම් ඒ කාලේ පිටරට හිටියද දන්නේ නෑ. නමුත් ඔබ අද කොපමණ කටින් බතල හිටෙව්වත් රටක බලය ගත්ත දවසක තේරේවි කියන කොට තිබෙන ලේසිය නෑ කියලා කරන කොට. එක අතකින් බලනවිට 2022 අරගලය අස්සේ අගමැතිකම බලෙන් දෙන්න ගියාමත් බෑ කිව්වේ ඒ ටික දන්න නිසා වෙන්න බැරිද?

:       2       11

නන්දසේන Wednesday, 27 September 2023 03:28 PM

සමන් මහත්තයෝ ඔබතුමා කියන රජයේ සේවය අඩුකරන්න අවුරුදු 30 ට වැඩි සේවකයින් සදහා අවුරුදු දෙකක වැටුපක් දීලා යැව්වා කීම ඒ කාලයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු රාජකාරි කරපු අපිට නම් පිළිගන්න බැහැ ඒ කාලයේ අවුරුදු දහයකට වැඩි අයට යන්න අවස්ථාව දුන්නා තමයි කලේ මොකද එතෙක් ගෙවූ හා දැනටත් ගෙවන වසර දෙකක පාරිතෝශිකය වසර දෙකහමාරක් කලා තේරුම් ගන්න බැරිනම් මාස විසිහතරෙ පාරිතෝශිකය මාස තිහක් කලා සේවකයින් හා නිළධාරින් අඩුකලාට වැඩක් වුනෙත් නැහැ මොකද පළාත් සභා වලට එමෙන් දෙතුන් ගුණයක් බදවා ගත්තා

:       0       0

Sampath Tuesday, 26 September 2023 07:53 PM

IMF එක හා කිවුවද

:       1       10

HM.Dissanayake Tuesday, 26 September 2023 08:26 PM

ඔබගේ උපරිමය කරන්න

:       6       1

වීරවි Tuesday, 26 September 2023 08:33 PM

ඔවු එක පාරක් ලෝක ණය දෙන රටවල් වල නායකයො එකතු කරලා රැස්වීමක් තියලා ණයත් ගත්තානෙ.. පූරු බුතා..

:       1       10

Saththaya Tuesday, 26 September 2023 09:56 PM

කොහොමහරි අති ගරු වෙන්න හැමදාම විකාර කියවනවා . කොච්චර දගලනවාද .

:       1       10

Bamunuarachchi Wednesday, 27 September 2023 01:35 AM

ඔබ ඔය ගැලරියට කියන ඒවා ප්‍රායෝගික නැහැ ලොක්කා. එහෙනම් ගත්ත ණය ගෙවලා ඉන්න වෙයි ලොක්කා. IMF එක ඔහෙට යටත් නැහැ.

:       2       9

Abaran Wednesday, 27 September 2023 02:13 AM

කලබලවෙන්න කාරි නැහැ ආයුබෝවන්ඩ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මොකද ඔයාට ආයේ කවදාවත් අඩුවශයෙන් විපක්ෂ නායක වෙන්නවත් බැහැ . ඔහේ ගැලරියට පොර ටෝක් දෙනවා මිසක නිර්මාණාත්මක සිතුවිලි ආයුබෝවන්ඩගේ මොලේට එන්නෙම නැහැ නේද? අනික මොකක්ක්ද අයිසේ ඔය වැඩකරන ජනතාවා කියන්නේ? වැඩ නොකරන ජනතාවකුත් ඉන්නවද?

:       1       9

LGP. JATHUNARACHCHI. Wednesday, 27 September 2023 06:44 AM

කවදා ද?

:       1       5

Anura Wednesday, 27 September 2023 09:09 AM

දැන් අනෙක් සේරම හරිද සර් ?

:       1       7

chandima Wednesday, 27 September 2023 02:09 PM

මේ කතා එකතු කරලා පොතක් ගැහැව්වානම් පොඩි උන් නිදිකරවන්න කියන්න තිබුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1019 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site