(රංජන් කස්තුරි)
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදින රැස්වී නව නිලධාරී මණ්ඩලයක් තෝරාගෙන තිබෙන අතර එහි සභාපතිධූරයට රනිල් වික්‍රමසිංහ සහ ලේකම් ධූරයට රාජිත සේනාරත්න යන මහත්වරු පත්වී තිබේ.
අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනස්කම් සඳහන් කරමින් මැතිවරණ කොමිසන් සභාවට යැවීමට සූදානම් කර ඇති ලිපියකටද රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරයා ලෙස අත්සන් යොදා ඇත.
එම ලිපියෙහි අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ , උප සභාපති ලෙස ආචාර්ය සේනක ද සිල්වා , ලේකම් ලෙස රාජිත සේනාරත්න යන මහත්වරුන් පත්කර ගත්බවද සඳහන් කර තිබේ.
උපලේකම් ධූරයට ඩයනා ගමගේ , පාලක ලේකම් ධූරයට ආර්.ඒ.ටී.ඒ ගුණසේකර , ප්‍රචාරක ලේකම් එච්.පී චන්ද්‍රිකා , මුදල් ලේකම් ධූරයට තුසිත කළුපහන , අධ්‍යාපන ලේකම් ධූරයට ඒ.වී.ජී ප්‍රියන්ත කුමාර සෙනෙවිරත්න සංවිධායක ලේකම් ධූරයට අනෝජ් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු පත්කර ගත්බව එම ලිපියෙහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්, ඉන්න කිසිම පක්ෂයකට අපි ඡන්දෙ දෙන්නේ නැහැ..
රනිල්, අකිල ඇතුළු රනිල්ගේ ගෝලයෝ පිරිස අද මේ කරන්නේ මහින්දගේ ඩීල් එකක්.
දැන් ඔරිජිනල් යුඑන්පී එක පෙරමුණු කීයක ඉන්නවද. එතකොට කොපි යුඑන්පී එකකුත් එන්න හදනවා.
ලේකම් රාජිත සේනාරත්න මහත්තයද ? අපූරුයි!
ලෝකයේ තියෙන හොදම විහිළුව තමයි.
රටේම අවාසනාව.
රජ පුටුවේ මළත් සැපයි.
මම යෝජනා කරන්නේ රාජිතව මාධ්‍ය ප්‍රකාශක, චතුර පුතාව උපදේශක සහ රවීව මුදල් ලේකම් හැටියට පත් කලයුතුයි කියලා.