IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය.

එහිදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල එම ඉලක්කය ඕවර 44.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

මෙය ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී හඹාගොස් ජය ලැබූ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ලැබූ පළමු සහ එකම අවස්ථාව ද මෙය වේ.

ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් පිල 2012 වසරේ නවසීලන්තයට එරෙහිව ලකුණු 289 ක් හඹාගොස් ජය ලැබීම මීට පෙර හඹාගොස් ජය ලැබීමේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

මෙහිදී ශ්‍රී ලංකා පිල රැස්කළ ලකුණු 305 ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වන අතර දකුණු අප්‍රිකාව 2017 වසරේ එංගලනත්යට එරෙහිව ලකුණු 374 ක් රැස්කරමින් එහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය එක්දින ක්‍රිකට් සිටියේ ඉහළතම ඉනිමක ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත් වූවාය.

චමරිගේ මෙම ලකුණු 195 ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩිකාවක් රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. නවසීලන්තයේ අමීලියා කීර් (නොදැවී 232) සහ ඕස්ට්‍රේලියාවේ බෙලින්දා ක්ලාක් (නොදැවී 229) පමණක් චමරිට ඉදිරියෙන් සිටිති.

චමරි පන්දු 139 කදී හතරේ පහර 26 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 195 රැස්කළ අතර ශ්‍රී ලංකා ජයග්‍රහණය චමරි හයේ පහරකින් සටහන් කිීම ද මෙහිදී කැපී පෙනුණි.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්වති එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.  



අදහස් (1)

අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති

Senarath Friday, 19 April 2024 09:40 AM

ඔබ සැමට අපේ සුබ පැතුම් අපරාදේ චමරිට 200 මිස්වුණේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2062 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site