(අංජුල මහික වීරරත්න)
ජපන් ජාතිකයන්ට ශ්‍රී ලාංකික ආහාර පිසීම පුරුදු කරන වැඩ සටහනක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කර තිබේ.
එම වැඩසටහන යටතේ ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලාංකික ආහාර පිළියෙල කිරීමේ තරඟාවලියක් සංවිධානය කරන ලද අතර එහි අවසන් පූර්ව වටය ටෝකියෝහි වෘත්තීය ඉවුම් පිහුම් මැදිරියකදී පැවැත්විණි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතාගේ මුලිකත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙයි.
තරඟයේ මුල් වටය සදහා ජපන් ජාතික තරඟකරුවන් තමන්ගේ ප්‍රියතම ශ්‍රී ලාංකික ආහාරය පිළියෙළ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉදිරිපත් කළ යුතු වූ අතර එලෙස ලැබුණු වීඩියෝ 140 කට අධික සංඛ්‍යාවකින් තරඟකරුවන් 45 දෙනකු අවසන් පූර්ව වටය සදහා තෝරා ගත් බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වානිජ)කපිල ජේ.කුමාර මහතා පැවසීය.
සම්මානලාභී සූපවේදින් දෙදෙනෙකුගේ විනිශ්චය මත මෙි පිරිස තෝරා ගෙන තිබෙි.
එසේ තෝරා ගන්නා ලද තරඟකරුවන් නව දෙනකු බැගින් සහභාගී කරවමින් තරඟ වට 05 කින් සමන්විත වූ අවසන් පූර්ව තරඟ වටයේදී එක් තරගකරුවකුට ආහාර පිළියෙළ කිරීම සදහා පැයක කාලයක් දුන් බවත් ඔවුන් සැකසූ ආහාර, ව්‍යාංජන ,කෙටි කෑම හා අතුරුපස වලින් සමන්විත උසස් තත්ත්වයේ ඒවා වූ බවත් කපිල .ජේ කුමාර මහතා කීය.
ඉදිරියේදී සජීවීව විකාශය කිරීමට බලාපොරොත්තු වන අවසන් මහා තරඟය සඳහා විනිසුරුවන් විසින් සෑම වටයකින්ම තරඟකරුවන් දෙදෙනෙකු බැගින් තෝරා ගන්නා ලද බවත් මෙි අවසන් තරඟය ජනප‍්‍රිය ජපන් රූපාවාහිනි ආයතනයක් හරහා විකාශය කිරීමට බලාපොරොත්තු වන මෙහි අවසන් මහා තරගය ජාත්‍යන්තරව පිළිගත් සූපවේදියකුගේ අධීක්ෂණය යටතේ සිදූවන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අපේ කෑම ජපානයේ පදිංචි කරවන්න වැඩක් අරඹයි
බී.එම්.ආර්. බස්නායක Monday, 31 January 2022 08:40 AM
ඒක හොඳ අදහසක්. ජපනුන්ට අපේ කෑම පිළියෙල කරන හැටි පුරුදු කළොත් එය වක්‍ර අන්දමින් ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද රුකුළක් වේවි... අප රටේ තානාපති සේවයේ නිලධාරීන් බොහෝමයක් රට ගැන නොව, තමන්ගේ පුද්ගලික කටයුතු වෙනුවෙන් යෙදී සිටින අතර එසේ නොවී ජපානයේ තානාපතිතුමා මේ ආරම්භ කළ වැඩ පිළිවෙල මගින් අපේ රට ගැන ජපනුන්ට අවබෝධයක් සහ ඇල්මක් ඇතිවීමට හේතුවිය හැකියි. එබැවින් ජපානයේ ලංකා තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත විය යුතුයි...