
(අංජුල මහික වීරරත්න)
"අපේ කඳවුරු දෙක දේශපාලනයේදී එක වරදක් කළ බවට දැන් පිළිගත යුතුව තිබෙනවා" යැයි පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ සංවත්සර උළෙලේදී අද (20) පැවසීය.
"රටට නිදහස ලැබුණු දා පටන් වසර 76ක කාලයේ මේ රට පාලනය කළේ එක්කෝ ඔබේ හෝ අපේ කඳවුර. ඒ කාලයේ රට විශාල අලුත් තලයකට ගෙන එන්න ඒ කඳවුරු දෙකටම හැකියාව ලැබුණා.
දේශපාලනයේ අවංක අය මෙන්ම අවංක නැති අයත් ඉන්නවා. අපි කිසිම සාධකයක් නැතුව විරුද්ධවාදීන්ට හොරා යැයි ඇඟිල්ල දිගු කළ අවස්ථා තිබුණා.ඒ වරද කරන්න අප එක කණ්ඩායමක් පාවිච්චි කළා.ඒ රටට කිසිම සේවයක් නොකළ රටට විනාශයක්ම කළ කණ්ඩායමයි.අවසානයේ මිනිසුන් මේ දෙගොල්ලාම හොරු,හොඳ මිනිසුන් මේ අය යැයි කල්පනා කළා.ඒක අපිම කර ගත් වරදක් යනුවෙන්ද සාගර කාරියවසම් මහතා කීය.
2025 ඔක්තෝබර් මස 08
1811
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1475
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’අපේ කඳවුරු දෙක එක වරදක් කළා’’
අරවින්ද මොණරවිල Saturday, 20 September 2025 05:46 PM
සාගරයට දෙවියන්ගේ හාල් කැවිලාද කොහේද, මංඤ්ඤං කියවන්නේ, ඔබලා කෙරුවේ ඒක වරදක් නොවෙයි වැරැදි දස දහස් ගණනක් කෙරුවා, ඒ චෝදනා පත්‍රයත් අවුරුදු හැත්තෑ හයක් දිගයි...
මංබයියා Saturday, 20 September 2025 05:54 PM
හරිම විශිෂ්ඨ කියමනක්. මේක ඇසුවට පස්සේ දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි කියල හිතෙනවා.
Neel Saturday, 20 September 2025 07:22 PM
කිව්වොත් කියන්නේ මේ වගේ ගොබ්බ කතාවක්. ඒ වුණාට මහ ලේකම්...
උකුස්සා Saturday, 20 September 2025 08:17 PM
අපි වාසනාවන්ත වෙච්චි තරමක් මේ වගේ වදන් අහන්න පුදුම ගැම්මක් එන්නේ...
SRI Saturday, 20 September 2025 08:21 PM
එකම කදවුර දෙකට බෙදිලා ඡන්දය දුන්නු අපිත් ගොන්නු වගේ ඉන් දෙගොල්ලන් පිළිගත්තා අන්තිමට භාණ්ඩාගාරය හිදෙනකන්ම හොරාකෑවා. රටට කෙළවුණු අය දෙගොල්ලන්ම දිනුවා. ජනතාවගේ කදවුර හරියට අපිට කියන්න තියෙන්නේ ඔච්චරයි අපි ආයෙත් රවටන්නේ නෑ තමයි.
Rohana Saturday, 20 September 2025 08:43 PM
ඇත්තනෙ කිව්වෙ. දෙගොල්ලොම හොරු තමයි.
Lakmal Saturday, 20 September 2025 10:32 PM
හොරු බය වෙලා. ජාති භේද , ආගම් භේද, පක්ෂ භේද අමතක කරලා හොරු ටික එකතුවෙලා...
කව්ද බෝයි Saturday, 20 September 2025 11:15 PM
රටේ ජනතාවත් එක වරදක් කළා. ඔය කඳවුරු දෙකට වසර 76 ක කාලයක්, මාරුවෙන් මාරුවට රට පාලනය බාරදීම. ප්‍රථිපලය තමයි රටේ ජනතාවට කෙළවීම සහ පාලකයින්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ට සරු වීම.
Perera Sunday, 21 September 2025 06:10 AM
මේ බූරුවන්ට යථාර්ථය වැටහෙන්නේ මාලිමා රජය බලයට පත් වුණාම.
Yasika Sunday, 21 September 2025 06:52 AM
මේ ලංකාව ගැනද කියන්නේ නැතිනම් වෙන රටක් ගැනද. රට හොද තලයකට ගෙනාවලු. ඒ නිසා වෙන්න ඇති මිනිස්සු රට අත් ඇරලා පිටරට යන්නේ.
kumara Sunday, 21 September 2025 07:16 AM
සාගරගේ අවසාන මාස කීපය ගත වෙන්නේ ඔය ධූරයේ. අනික් අයට වැරැද්ද පටවලා සුදනා වෙන්න හදන්නේ. මහලේකම්ට බැරි නම් තීරණයක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, පක්ෂය ඇතුලේදිවත්, කොහොමද ඒ පක්ෂය දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ? වැල් බයිලා. මේවාගේ වැරැද්ද ඔය කෝට් එකේ තියෙන්නේ. ඒක ගලවලා සාමාන්‍ය ඇඳුමක් ඇඳලා මිනිස්සු අතරට යන්න තමන් ඇතුලේ හීනමානය පිරිලා. පව් ඉතින්. මේ අයගේ කුඩා අවධි වලදී සිදු වුන අකටයුතුකම් විය යුතුයි. දැන්වත් මනෝ උපදේශනයකට වගේ දෙයකට යොමු වෙන්න. පුලුවන් නම් ඔය පක්ෂයේ හොරු ය කියලා ඔයා හංවඩු ගහන අයව මනෝ උපදේශනයට යොමු කරවන්න. අභ්‍යන්තරය තුළ ඒ අයගේ ඇත්තේ ගිනි ගොඩක්. වේදනා සමූහයක්. ලංකාවේ බහුතරයකගේ තත්ත්වය ඔ්කයි. පුලුවන් නම් මනෝ උපදේශනය වැඩි දියුණු කරලා දෙමාපියන්ට අධික තරඟයකට දරුවන් යොමු කරවන එක, තමා තුළ හීන මානය ඇති වන අයුරින් කටයුතු කිරීම වැලැක්වීම ආදියට ක්‍රියා කරන්න, රජයක් විදියටත්, පුද්ගලයන් විදියටත්. මිනිසුන් නරක මිනිසුන් ලෙස උපදින්නේ නෑ. දරුවෙකු තුළ ඉගෙනීමේ සහජ හැකියාව විසින් අවස්ථාව තුළ පවතින තත්ත්වයට අනුවර්තනය වීමක් වෙන්නේ.
don Sunday, 21 September 2025 08:41 AM
ඊලඟ ඡන්දේ ඇපත් නැතිවෙන්න මේ කියමන ප්‍රමාණවත්.
Ruwan Sunday, 21 September 2025 08:43 AM
කාලෙන් කාලෙට අලුත් වොෂින් මැෂින් මාකට් එකට එනවා. මේ ඒ වගේ හොඳ වොෂින් මැෂින් එකක්.
Naleen Sunday, 21 September 2025 09:22 AM
දැන් ඔබලාම පිළිගන්නවා නේද බලය වෙනුවෙන් ගහපු ගේම්... ජනතාව මුලා කරලා කරපු සෙල්ලම...
නන්දන පනා-මිලානෝ Sunday, 21 September 2025 03:26 PM
නයි මුගටි එක කොටේ… මුන්ව එකට තියලා තමයි ගියපාරත් පැරැද්දුවේ...
අනා Sunday, 21 September 2025 05:31 PM
ඔය වගේම ඇත්තක් කියවුණා.. තලතා අතුකෝරලගේ කටින්. සජබෙ ඉදලා ආපහු එජාපෙට යන විට. “ මාලිමාව ආවොත් අපිට තියෙන තත්වේ නැතිවෙනවා“