
(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටු බැම්ම පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාලු උරුමය පදනම විසින් සංවිධානය කරන ලදි. මේ සඳහා ‘කනෙක්ටඩ් ඩීම්ස්’ ආයතනයේ දායකත්වයෙන් විදේශිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
රට විවෘත කිරීමෙන් පසු ගාල්ල කොටුව නැරඹීමට පැමිණි පිරිස් පොලිතීන් ඇතුළු කසල අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් කොටු බැම්ම ආශ්‍රිත ප්‍රදේශය විශාල වශයෙන් අපිරිසිදු වී ඇති බව ගාලු උරුමය පදනම පවසයි.
ලෝක උරුමයක් වන ගාලු කොටුව පිරිසිදුව තබා ගැනීම සියලු දෙනාගේ වගකීමක් වන බැවින් කසල තැන තැන නොදමා ආපසු රැගෙන යාම හෝ විධිමත් ලෙස බැහැර කිරීම සිදු කරන ලෙස ගාලු උරුමය පදනම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපේ 2500 යේ අභිමානේ.පිටරට සුද්දෝ ලවා කුණු සුද්ද කර ගන්නවා.සසර වසන තුරු ...නිවන් දකින තුරු.....
කිසිම චාරයක් නැතිව හැසිරෙන අපේ එවුන් කිහිප දෙනෙක් ඉන්නවා ගිය තැන වනසලා එන.ඔවුන්ව හදන්නත් බැහැ ,සම්මජ්ජාතියට හැදෙන්නෙත් නැහැ.අනේද කියන්නේ.උපන් ගතිය
මෙරට ජීවත්වන අති බහුතරය පවිත්‍රතාවය සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන තත්ත්වයක් පවතී. සෑම තැනකම කෙළ, බුලත් කෙළ ගසන ආකාරයක් දක්නට ඇති අතර මේ නිසා ඇත්තේ දැඩි අපිරිසිදු තත්ත්වයක් වුවත් මීට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් ඇති ආකාරයක් පෙනෙන්නට නැත. පරිසර අධිකාරිය , පොලිස් පරිසර අංශය සහ පළාත් පාලන ආයතන හරහා මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම පිනිස අවදිවීමක් විය යුතුය.
වර්තමානයේ මෙරට ජීවත්වන වැඩි දෙනා පිරිසිදුකම සම්බන්ධයෙන් තැකීමක් නොකරන තත්ත්වයක් පවතින බැවින් තැනින් තැන කෙළ ගැසීම, බුලත් කෙළ ගැසීම මෙන්ම පවිත්‍රත්වය සම්බන්ධයෙන් වත්මන් පාසල් දරුවන් දැනුවත් කිරීමක් විය යුතු අතර මේ තුලින් අනාගත ශ්‍රී ලංකාව පිරිසිදු රටක් ලෙස දැකිය හැකි වනු ඇත.
මුලු රටම ආයෙත් සුද්දන්ට,බාර දුන්නනං හොදටම කරයි ජනාධිපතිට,මතකද,දන්නෙ නෑ අපේ කොල්ලො කෙල්ලො පාරට,බැහැල පාරවල් සුද්ද,කලා,තාප්ප වල චිත්‍ර ඇන්දා ගස් වැව්වා වෙරල,සුද්ද කලා.ස්ටේශන් සුද්ද කලා.ඒ දිහා ඇහැක් ඇරල බැලුවෙ නැ
සුද්දට රට දුන්නා නමි ලස්සනට රට හදලා ගන්නවා
බොරු ෂෝ...!
ශ්‍රී ලංකාවේ ඉන්නේ නීතියක් නැති මෝඩ ජනතාවක්...
එය අගය කරනවා... නමුත් රැල්ලට කරන වැඩ තාවකාලිකයි. අපේ රට, පරිසරය පිරිසිදුව තබාගැනීම කුඩා කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ... පාසල එයට හොඳම තැනයි... එතකොට ටොපි එක කාලා කොළය සාක්කුවේ දමාගෙන ගිහින් කසල බඳුනට දමනවා. ඇත්තටම මේ වගේ දේවල් වලින් දෙන පණිවිඩය ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ... අපේ රටේ මිනිස්සු දේශ පාලකයාට බැන බැන තමන් හරි කියලා හිතාගෙන ඉන්නවා...
ඩිස්ලයික් දාලා තියෙන්නේ කුණු දාපු සෙට් එක...
ජාතියක් විදිහට අපි ලැජ්ජා වෙන්න ඕනෑ... පරිසරයට කිසිම ආදරයක් නෑ... හැමතැනම කුණු දානවා...