
(චාපා මධුභාෂිණී)
අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා හිටියා ඒතුමා මිය ගියාට පස්සේ ඒතුමගේ නෝනා ප්‍රේමදාස මහත්මියට ආණ්ඩුවේ සල්ලිවලින් විශ්‍රාම වැටුපක් තවම ගෙවනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
මැදිරිගිරිය දියසෙන්පුර නගරයේ පැවැති ප්‍රධාන රැස්වීමක් අමතිමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවැසීය.
එහිදි අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය.
මම අහන්නේ සජිත් මහත්තයට බැරිද අම්ම බලා ගන්න. අපි අපේ අම්මලා බලා ගන්නවා. සජිත් මහත්තය විපක්ෂ නායකනේ ඒතුමට වත්කමක් තියෙනවනේ. ඒතකොට ඒතුමට අම්මව බලා ගන්න බැරිද. අම්මා ආණ්ඩුවේ පිහිටෙන් ජීවත් වෙනවා. පුතා ආණ්ඩුව ගන්න කතා කරනවා.
ඇමති කෙනකුට වාහන තුනක් තියෙනවා. රියැදුරන් තුනක් දෙනවා. තුන්දෙනාටම ආණ්ඩුව පඩි ගෙවනවා. ඒ වාහන තුනටම ආණ්ඩුවෙන් නොමිලේ තෙල් ගහලා දෙනවා. ගෙයකුත් දෙනවා. ඒ් ගෙදර වතුර, ලයිට්, ටෙලිෆෝන් බිල් සියල්ල ගෙවනවා. පුදුම ගෙවිල්ලක් ඒවා නවත්වන්න ඕනේ.
කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයාගේ වතුර බිල ඒකතුවෙලා ඇවිත් තිබුණා රුපියල් ලක්ෂ 18 යි. බීලද ? නාලද? පඩියක් ගෙව්වට කමක් නෑ. සියළු දීමනා නවත්වන්න ඕනේ. මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවැසීය.
මෙම අවස්ථාවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ලේකම් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක පී.බී.සරත්, කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ සභාපති කේ.ජි. අශෝක කරුණාසේන මැදිරිගිරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සුරේෂ් ඉඳුනිල් සහ අමිල් පෙරේරා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව විතරක් නෙවෙයි ලංකාවම ඒ ගොල්ලන්ගේ කියලනේ හිතාගෙන ඉන්නේ . ඒ නිසා ලංකාවත් අයිති කරගන්නයි බලන් ඉන්නේ .
ඉතා හොද තීරනයක්.ඒ වගේම අධිකරනය ස්වාදීන කර ජනාදිපති බලය අඩු කරන්න.මුල් අව් 5ටම ඒ දේවල් කලත් ඇති රට ගොඩගන්න.දැන් නම් පේන්නේ එකම පිහිට ජේවීපී බවයි.තරුන පෙල පෙලගස්වා වැඩිහිටියන්ගේ මොල ටික පුද්ද පවිත්‍ර කරල ගත්තොත් අනාගතය සුබ වේවි.
අම්ම යවන්න middle east අනිත් රට වැසියෝ කරනවා වගේ
අම්ම යවන්න middle east අනිත් රට වැසියෝ කරනවා වගේ තාත්ත විකුණන් කන එකා අම්ම නොවිකුණා අරියිද?
එතකොට ඔය වතුර බිල ගෙවන්න සල්ලිකාර මුදලාලි කෙනෙක් ඉදිරිපත් වෙනවා. කෙහෙලිය එයාට පොඩි සප් එකක් දෙනවා. ඕක තමා වෙන්නෙ. සජිත්ගෙ අම්මා විතරක් නෙවෙයි ගොඩක් අම්මලා තාත්තලා විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙනවා. 2030 දි විශ්‍රාම වැටුප් ගෙවන්න ආන්ඩුවට සල්ලි නෑ(අද ඩොලර් වගේ). ඔය නොකිය කියන්නෙ සහකාරයාට විශ්‍රාම වැටුප දෙනඑක නවත්තන්න කියලද?
විශ්‍රාම වැටුප්, වාහන, සහ අනිකුත් අනවශ්‍ය පහසුකම් මන්තිරියන්ට දෙන එක නැවත්තුවොත් රට වෙනුවෙන් වැඩ කරන්න එන නියම ගරු මන්තිරී තුමාලා අපිට බලා ගන්න පුළුවන්
ඔබලාට බාධාවකට ඇත්තේ කමියුනිස්ට් දැක්මේ අපහැදිලිතාවයයි. ඔබලාට ප්‍රජාතන්ත්‍රවාදයත් මිශ්‍රව හෝ ඇත්නම් එය ධනාත්මක අගයක් එක් කරාවි. චීනය සහ රුසියාවේ ඇති භයානක තත්වය දකිනවිටත් එම රටවල්වල දුප්පතුන් විදින දුක දකිනවිටත් ජනතාව එම දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරනවා.