(මොහොමඩ් ආසික්)

මිනිස් දිවියේ අඳුර දුරු වී අලෝකය උදා කිරිම සංකේතවත් කරමින් ලොව පුරා වෙසෙන හින්දු බැතිමත්හු අද දීපාවලී උත්සවය මහත් හරසරින් සැමරූහ.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහි කරමින් හින්දු බැතිමත්හු දීපාවලී සමරති.

අධර්මය පරදා ධර්ම රජ කිරීම සංකේතවත් කරමින් පහන් දැල්වීම දීපවාලි දිනයේ ප්‍රධාන චාර්ත්‍රයකි 

පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය නිති රීතිවලට මුල් තැන දෙමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිවයින පුරා හින්දු කෝවිල්වල දීපාවලී උත්සවය සමරනු දක්නට ලැබිණ.


 

( ජායරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)