
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධාරින් ඇතුළු සියළු කාර්ය මණ්ඩලය අද (12)දින අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරතවුහ.
විවිධ පොස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කරමින් ඔවුහු මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරැ හෙද නිලධාරින් අනෙකුත් කාර්ය මණ්ඩලයත් රජරට වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසු සිසුවියන්ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂකයාගේ නිවස ඉදිරිපිට තමයි සුදුසුම තැන.
අයියෝ අපේ රටේ මොනවාද මේ වෙන්නේ? මේ වගේ නූගත් ජනතාවක් එක්ක, එන්න අපි පුනරුදයට යමු, පෝසත් රටක් - ලස්සන ජීවිතයක් හදමු...!
වෛද්‍යවරුන් රැක ගැනීම ජනතාවගේ යුතුකමකි.
අසරණ රෝගීන්ව හිංසනයට ලක්කරලා කාන්තා හිංසනය ගැන උඩු බුරන්න උඹලට ලැජ්ජා නැද්ද තිරිසන් නොමිනිසුනේ.. උඹලා කරන මේ සහගහන අපරාධය උඹලා පිටත් උඹලාගේ පරම්පරාව පිටත් පතිත වෙනවා!! හරිනම් උඹලා උද්ගෝෂණය කරන්න ඕනා ඔය රෝහල් පරිපාලනය කරන මහ එකාලට විරුද්ධවයි...
ආම වාතයටත් වැඩවරන එක මෙයාලාගේ විදිහ.
උගත් කිව්වාට ඉන්නේ මොලේ උඩ. උද්ඝෝෂණ කෙරුවාම ඔක්කොම හරිනේ...!
සැකකරු අත්අඩන්ගුවට ගන්න නීතිය ක්‍රියාත්මක වෙද්දී, ලෙඩ්ඩු අසරණ කර විරෝධතා කරන රටක් ලොවේත් නැතුව ඇති...
බද්රානීගේ කතාව හරි එක පැත්තකින්, සවුදියේ නම් ඔය ස්ත්‍රී දූෂණයාගේ අවයවය කපලා මරණ දඬුවම දෙනවා දුක් විඳවලා. වර්ජනය කරපු අයගෙත් අත් කපනවා. එතකොට හැමෝම වැරැදි කරන්න බයයි.
වෛද්‍ය සංගම් සහ රෝහල් සේවකයෝ විපතට පත් වෛද්‍යවරිය තවතවත් අපහසුතාවයට පත්කරනවා මෙන්ම ස්ට්‍රයික් කාලය තුළදී රෝගීන් මියගිය හොත් මේ සියල්ලන් මිනී මැරීමේ චෝදනාවට යටත් වෙනවා.
හරි. හරි. අපිත් ඉන්දියාව වගේම වෙමු. ඉන්දියාවේත් ඔහොම දෙයක් ළඟදී වුණානේ...!
අයියෝ දොස්තරලාට මොලයක් නැද්ද? ස්ට්‍රයික් කළාම අහිංසක රෝගීන්ට වෙන්නේ මොකක්ද? නීතිය වැරැදිකරුවන්ට දඬුවම් කරාවි.