
( කාංචන කුමාර ආරියදාස )
ගලේවෙල රන්වැඩියාව ප්‍රදේශයේදී අනාරක්ෂිත වළක දිය නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනකු අද (19) මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.
එකම පවුලේ අවුරුදු 15,07 යන වයස්වල පසුවන දියණියන් දෙදෙනා සහ අවුරුදු 5 ක් වයසැති පිරිමි දරුවකු මිය ගොස් තිබේ.
දිය නෑමට යන බව පවසා අද උදෑසන ඔවුන් නිවසින් පටත්ව ගොස් ඇති අතර ඔවුන් නැවත නිවසට ඒමට ප්‍රමාද වූ බැවින් මව්පියන් ඔවුන් සොයන විට අනාරක්ෂිත වළ අසල තිබී ඇඳුම් කිහිපයක් සොයාගෙන තිබේ.
අනතුරුව ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසු කළ පරීක්ෂාවකදී වලෙහි වැටී මියගොස් සිටි දරුවන් තිදෙනාගේ සිරුර හමු වී ඇත. සිද්ධිය සම්බන්ධ ගලේවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වගේ නෙමෙයි පොඩ්ඩක් හොයන්න ඕනෑ ළමයි ගැන. පව් නිවන් සැප ලැබේවා...!!!
පව්, අසරණ ළමයි 3දෙනා.. දෙමාපියන්ගේ නොසැලකිල්ල..
පව්, අහිංසක ළමයි.
දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම..
දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසා අහිංසක ජීවිත 3ක් අකාලේ මිලින වුණා.. නිවන්සුව...!!!