IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

 

(රෝෂන් තුෂාර)

ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය  අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (06) නියෝග කළේය.

සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවට  නිකුත් කළ ඇප කොන්දේසිය ඉවත් කරමින් ඇප ලිහිල් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප කොන්දේසි ලිහිල් කෙරිණි.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකරුවන් වන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා,ඔහුගේ බිරිඳ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න,ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වූ  අනුර සෙනවිරත්න අධිකරණයේ පෙනී සිටියේය.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 6146110ක මුදලක් ලබාගෙන, එම මුදලින් ලබා ගත්තේ යැයි කියන වියලි ආහාර  ද්‍රව්‍ය ගංවතුරින් අවතැන් වූවන්ට  ලබාදීම නොකර 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ වියළි ආහාර මලු බෙදා දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරේ.



අදහස් (1)

අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

කව්ද බෝයි Tuesday, 06 May 2025 03:55 PM

ස්වාභාවික විපතකින් අසරණ වෙච්ච මිනිස්සුන්ගේ ආධාරත් ගසාකපු, තිරිසන් හැතිකරේ. ඕකුන්, පණපිටින් ඉන්දැද්දී, පණුවො ගහලා, ඕජස් ගලලා, මැරෙන්න ඕන.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site