
(ආරියරත්න රණබාහු)
ජනාධිපතිවරණ අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානීන් අද (21) පෙරවරුවේ හමුවිය.
එහිදී එම සංවිධානයේ ප්‍රධානි අස් සේහ් මුෆ්ති මවුලවි තුමා ඇතුළු ඒ.ජේ.ඒ. රිස්වි, අස් සේහ් අර්කම් නුරඅමිත් තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර් යන මවුල විවරු සමඟ සාකච්ඡාවක නිරත විය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්ති තුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද අනුර කුමාර දිසානායක සහෙෝදරයා එතුමන්ලාගේ ආශීර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර දිසානායක අපගේ බලාපොරොත්තුවයි.
ජාතික ලැයිස්තුවට කට්ටිය හොයනවා...
කාලෙකින් වඳ කොත්තුවක් කන්න බැරි වුණා. රාජාලාගේ කොත්තු කඩේ වහලද..?
අපේ සැබෑ අනාගත ජනාධිපති තුමාට සුබ පතමු...
පරණ යාළුවෝ හම්බ වුණාට නම් කමක් නැහැ... බෝම්බ පත්තු කරගන්නැතිව...!
ආගමික නායකයින් මුණ ගැසෙන්නට යාම ඉතාම ගෝත්‍රික කියමින් අනෙක් දේශපාලන නායකයින්ට සවුත්තුව දැමු, හාදයකුට ගිය කලක්! අන්ධ භක්තික දායක සභාවට හැර අනෙක් කවුරුත් දන්නවා මෙයාලාගේ රඟපෑම් ගැන...!
කඩු එහෙම ගොඩ ගහත්තු ඒවා අල්ලන්න එපා කිව්වා වද්ද, දිනුවාට පස්සේ... මං කිව්වේ අර පල්ලි වටේ තණකොළ කපන්න එකතු කරපුවා...!
රංබොඩ, වඳ කොත්තු කාල වඳ බ්‍රෙසියර් ඇන්දාද? කෝ අර සාපිගේ වඳ මව්වරු, මුස්ලිම් මරණ ආදාහන කරලා ජාතියකින් සමාව ගත්තා. එහෙම එකේ වාචාල කතා කියන්න එපා...
සජිත් වගේ පාරෙ යන අයටත් අඬගහලා අවබෝධතා ගිවිසුම් ගහන පක්ෂයක් නෙවෙයි එන්.පී.පී. ය. මාලිමාවට ජයවේවා!
සහරාන් ගැන්සියට එහා ගිය සෙට් එකක් හම්බවෙලා. ඊට පස්සේ කියන්න අනේ අපි දැනගෙන ජාතික ලැයිස්තුවට දැම්මේ නෑ. අපි චූටි බබාලා කියලා. මොවුන් කියන කෙප්ප කෙබර පිළිගන්න ගොන්නුත් ඉන්නවානේ ඉතින්. ඊට පස්සේ අගරදගුරු හම්බ වෙලා රාජපක්ෂලාට බැන බැන අපි ආවොත් අල්ලලා දෙනවා කියලා ඒ වයසක උන්දෑවත් අන්දනවා...
ජයවේවා .බයියන්ට මේවා පෙන්න බෑ
අනිත් හැමදේටම වැඩියෙන් මෙයාලට ඕන, මැදපෙරදිග ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධකම් මාලිමාව සමග ශක්තිමත් කර ඊශ්‍රායලය සමග සම්බන්ධ කම් නතර කරවන්න.ඉන්පසු ලංකාවේ ඉස්ලාමීය ක්‍රියාකාරකම් පහසුවෙන් කරගෙන යන්න.