( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහිව සිදු කෙරෙන විමර්ශනය අත්හිටුවන ලෙසත් , ඒ සම්බන්ධයෙන් එම කොමිසම නිකුත් කළ නොතීසි බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම ලබන 20 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 කැදවීමටද විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන ඩී.සී. ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු මෙන්ම එම කොමිසමේ ලේකම්වරයා, නීතිපති දප්පුල ද ලිවේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර සහ ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන අය නම් කර තිබේ.
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලට අනුව දේශපාලන පලිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන්නැයි ද ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානයක මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා තමන්ට මෙම මේ මස 16 වන දා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බව පෙත්සම්කාර අනුර කුමාර දිසානයක මහතා පෙන්වා දේ.
එම ජනාධිපති කොමිසම පිහිටුවීමට අදාළ ව ඉකුත් ජනවාරි මස 09 වන දා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම කොමිසමට විමර්ශන සිදුකිරීම සඳහා බලය පැවරී තිබෙන්නේ රාජ්‍ය සේවකයින් විසින් ඉදිරිපත් කරන පැමිණිලි පමණක් බවද පෙත්සමකරු පෙන්වා දේ.
ඒ අනුව ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට බලයක් නොමැති බවත් , ඒ අනුව එම විමර්ශනය සඳහා තමන්ව කැඳවීම සඳහා නිකුත් කර තිබෙන නොතීසිය ද බලරහිත ලියවිල්ලක යැයිද පෙත්සම්කරු කියා සිටි.
මේ හේතුවෙන් එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කර තිබෙන නොතිසිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින අනුර දිසානායක මහතා සේනාධිපති මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලට අදාළ ව පවත්වනු ලබන විමර්ශනය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ නාද, බලු කෙඳිරිලි කියන්නේ මෙන්න මේවාට, සිංහයා වගේ කෑ ගැහුවට තමන්ට විරුද්ධව උසාවියේ නෙමෙයි, මේ කොමිසමකවත් තියන විමර්ශනයකට මුහුණ දී ගන්න බැරි "ජනතා වාදියා"
රටක තිබෙන්නා වූ නීති පද්ධතිය හා අධිකරණය එම රටේ යුක්තිය පසිඳලීමට ප්‍රමාණවත්.. එයත් ප්‍රමාණවත් නොවුණු අවස්ථාවක විදෙස් අධිකරණයක් සඳහා යා හැකියි. ඒත්, විධායක දේශපාලන බලය යොදවා පත්කරගනු ලබන කොමිසම් මගින් අධිකරණයේ මෙන් නඩු ඇසීමට පත්කළ අයගේ සිතැඟි අනුව ඔවුන්ට වුවමනා දේ කිරීමට කොමිසම් යොදාගත නොහැකිය. එවන් අවස්ථාවක එම කොමිසම් තුළින් අසාධාරණයට ලක් වන්නන්ට මෙසේ අධිකරණය වෙත යාමට හැකි බව පෙනේ. තමන්ට අසාධාරණයක් කිසියම් කොමිසමකින් වේ නම්, ඔහු හට මෙසේ අධිකරණයට යෑමට හැකියාව ඇති බව අනුර කුමාර කතා මහතා පෙන්වා තිබීම අගයකළ යුතුයි. මේ ගැන ගරු අධිකරණය තුළින් ලැබෙනා තීන්දුව කෙරෙහි අපත්, රටත්, මහත් වුවමනාවෙන් බලා සිටිනා බව පවසනු කැමැත්තෙමු.
රටේ නීතිය හා යුක්තිය පසිඳලන ගරු අධිකරණය හා දේශපාලනඥයන් විසින් පත්කරනු ලබන කොමිසම් අතර වෙනස දන්නා අනුර කුමාර මහතා සාධාරණය බලාපොරොත්තුවෙන් මෙවන් තීරණයක් ගැනීම ගැන නීතිගරුක පුරවැසියන් ඔහු ගැන නව ආකල්පයකින් බැලීම සිදුකරනු ඇත.
අනුර කුමාර දිසානායකගේ තීරණය හරි..
තමන් නිවැරැදි නම්, පිරිසිදු නම් ඔය ටීවී වල ගස් ගල් ගානෙ කිය කියා යන වංචා, දූෂණ ගැන තියන්න තියෙන අවස්ථාව මගහැර ගන්න එපා.
පුදුමය නම් එදා අනුර කුමාර ඇතුළු කණ්ඩායම අරලියගහ මන්දිරයේ ඉඳන් අරයට, මෙයාට කියලා නඩු පවරනකොට ඒ මිනිස්සු මේ විදිහට නීතියේ සරණ පතන් යනකොට මේකේ කොමෙන්ට් කොටන අය කිව්වේ තමයි නිවැරැදි නම් මොකටද වාරණ නියෝග ඉල්ලන්නේ කියලා.. නඩුව දානකොටම චූදිතයා වැරදිකාරයා වුණා.. අනේ අද එහෙම නඩු පවරපු අය උසාවි යනකොට නීතියේ සාධාරණය වෙනුවෙන් වෙලා.. තමන්ගේ දේශපාලන වහල්භාවය වෙනුවෙන් තව උදාහරණ මොකටද? අචාර්ය මහාචාර්ය වගේ පෙන්නුවට දේශපාලන වහල්භාවය වහන්න අමාරුයි.
රතු අලි පැටියා නැවතත් කරළියට...
ඔය නඩුවට නවාස් ගෑවුණා කියන්නේ තීන්දුව හිතාගන්න පුළුවන්.. මේවා පලකරන්න බැහැනේ... නිකන් කියවලා අහක දාන්න.