(ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානායක)
මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.
ගම්පහ , පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවා මෙසේ ඝාතනය කර තිබේ.
පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් අද අළුයම 2.30 ට පමණ කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් එම දරුවාගේ මවගේ අනියම් සැමියා වු සැකකරුව ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි .
ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.