
ලාබාල අයකු හා තවත් අයකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ තිදරු මවක එක් අනියම් සැමියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මැදිරිගිරිය ධීවර ගම්මානය, මිරිස්හේන පදිංචි තිදරුමවකි.
ඝාතනය සිදු කළ බව කියන සැකකරු ඒ් ආසන්නයේම තිස්සපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 හැවිරිදි තිදරු පියෙකි. ඔහු වෘතියෙන් ධීවරයකු බව පොලිසිය පවසයි
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා විදුලිසැර වැදීමකින් මීට මාස 4 පමණ පෙර මියගොස් ඇති අතර ඒ් වන විටත් ඇයට වඩා වයසින් අඩු ලාබාල තරුණයකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ලාබාල තරුණයා සමග ජීවත්වන අතර තුර ඇය වෙඩි තැබූ බව කියන තිදරු පියා සමග ද අනියම් ඇසුරක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
එම පෙම් හබය දුර දිග යාමෙන් ඊයේ රාත්‍රී 7.10 පමණ මෙම කාන්තාව යාබද නිවසේ පදිංචි සිය මවගේ නිවසේ සිට පිසින ලද බත් භාජනයක් රැගෙන නිවස පිටුපසින් ඇගේ නිවසට ඇතුළු වෙද්දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදුණු අවස්ථාවේදීම තුවාලකාරිය මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඇය මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගහේ ගෙඩි කෑවොත් ඔහොමම තමයි...
වැරැදි කරන අයට හොඳ පාඩමක්..., මහත්තයා නැතිවෙලා මාස 4 යි, අනියම් පෙම් දෙකක්,...
ඔයවගේ වැඩකරන අයට ඔහොම තමයි වෙන්නේ...!
දියුණු රටවල මේ වගේ සිද්ධියකදී කවුරුත් මිය නොයයි...
කඩේකින් තේ එකක් බීලා පුරුදු වුණා නම් අනික් මිනිස්සුන්ටත් ඉඩදෙන්න වෙනවා. කඩේ අයිතිකරගන්න ගියාම ඔහොම දේවල් වෙන එක නවත්වන්න බැහැ. දැන් ඉතිං අම්මා තාත්තා නැති ළමයි 3 යි. අවුරුදු 12ට තාත්තා නැති ළමයි 3....