
(සුජිත් හේවාජුලිගේ)
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබා දෙන නිදහස් ගුවන් කාලය නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
මෙම එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිම්බීමේ කලාව ලංකාවට ආවේණික ගුණංගයකි. 2019 ගෝඨාභය පුම්බන්නට ගොස් රටේ සමස්ථ ජනතාවම අමාරුවේ වැටුනේය. ඒ පිම්බීමට ඡන්ද දායකයා රැවටීමට ලක්වීමෙනි. ඒ නිසා පුම්බන තරමටම වැඩකාරයෙක් නොවන බව ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධකර ගතයුතුමයි...
මැකෝ වැඩකාරයා වෙලා, ඉතිහාස ගතවෙයිද මන්දා? ලංකාවේ මැතිවරණ වංචා හා දූෂණ අඩුම මැතිවරණ කියලා...
ඔය දෙකේම පුම්බන්නේ නාකි සීයා තමයි...
ගුවන් කාලය පමණක් නොවෙයි, ඔය මිනිස්සු කරන්නේ ඡන්ද ගණන් කිරීමේ ස්ථාන සඳහා කලබල කරන්න නියෝජිතයින් පත්කර මැතිවරණ නිලධාරි ඉතාමත් අපහසුතාවට පත්කිරීම කරනවා. දැන් අපේක්ෂකයින් 38 ක් ඉන්නවා නියෝජිතයින් 76 ක් ඇතුළට යවන්න පුළුවන් වේවි සේවයේ යෙදීමට නිලධාරි එපමණ පිරිසක් නැහැ.. ඔතැන තමයි ගැටලුවක් වෙන්නේ. ඒ නිසා අපේක්ෂක නියෝජිතයන් අනුන්ට කඩේ යනවා නම් ඔවුන්ට නියෝජිතයින් පත්කිරීම නතර කරන්න සමහරක් නියෝජිතයින් පළමු වටයේ ගණන් කිරීමට පස්සේ ඉවත්කරන්න නියමිත වුණත් ඇතුලේම රැඳී බාධා කරන තත්වයක් දැකලා තියෙනවා...
එහෙම වුණොත් ඉල්ලපු එක අපරාදෙනේ... ඉල්ලුවේ ඒකටනේ...
රූපවාහිනියෙන් පුම්බන්නේ පින් ජනපති මිස වෙන කවුද? සැප්තැම්බර් 21 වෙනිදායින් පස්සේ හුළං බහිනවා...