
(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
ඔවුන් සේවයට වාර්තා නොකළ දවස් නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ යැයිද රාඝවන් මහතා පැවසීය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් අත්‍යාවශ්‍ය නොවන සේවකයන් වෙනුවට කොන්ත්‍රාත් පදනම මත මෑන්පවර් සේවකයින් යොදාගෙන බලන්න. වර්ජන, තර්ජන නෑ. වැඩ කරන්නේ නැතිනම් වෙනත් අය ආදේශ කිරීම පමණයි.
අතිකාල දෙන්නේ මොකටද?
අනේ මෙහෙමත් නිවට නියාලු රජයක්. කාටකාටත් වැටුප් දීමනා ඒ විදිහටම ලැබෙයි. ඒත් මේකෙන් බරපතළම පාඩුව වුණේ අපි වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. කෝ අපිට සාධාරණයක්? අපිට උපාධිය ගන්න පරක්කු වුණා. ඒකෙන් රස්සාවලට යන්න බැරි වුණා උපාධි සහතිකය නැති නිසා...
රට පුරා අන්‍යධ්‍යන සේවකයින් දැනටමත් වර්ජනය මගින් විශ්ව විද්‍යාල වසා දැනට මාස දෙකක් අමතර රැකියා හා ව්‍යාපාර මගින් මුදල් උපයා ගැනීමට පුරුදු වුණා... ඒ නිසා එයාලාගේ නව රජය එනතුරු වර්ජනය අත හරින්නේ නැහැ. පසු කලෙක ඇමැති කියන පරිදි මාස ගණනාවක හිඟ වැටුප් ගනී... විශ්ව විද්‍යාල සිසුන් ගෙවල් වල නිසා උද්ඝෝෂණ නොමැති වීම නිසා හා පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයත් නිසා රජයේ අවශ්‍යතාවයන් ඉටු වෙනවා. අසරණ දරුවන් වෙනුවෙන් කාගේ පිහිටක්ද? රට වනසන සියලු දේශපාලකයින්ට හා වෘත්තීය සමිති වලට ශාපවේවා...!
ලංකාවේ කිසිම නීතියක් නෑ. ලෝකයේ කොහොම කොයි රටේවත් ඔය විදියට වර්ජන කරන්න ඉඩ දෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ ඕනෑතරම් තරුණ පරපුරේ ඉන්නවා රැකියා නැතුව ඔවුන්ට මෙම රැකියා දෙන්න පුළුවන් වර්ජනය පුද්ගලයින් ඉවත් කරලා. ඇමැතිට බෑ මෙහෙම කරන්න. ආයතන සංග්‍රහයේ කියලා තියෙනවා දවස් තිහක් නොකඩවා රැකියාවට නොපෙනී සිටියහොත් රැකියාව අහිමි වෙනවා කියලා.
එතකොට පෞද්ගලික අංශයට සහ ස්වයං රැකියාවල නිරත අයට තවත් බදු බරක්. පින්පඩිකාරයෝ දිනුම්...
මොන කෙහෙල් මෝයක් (මලක් ) හරි කරලා ජෙප්පො කුරුට්ටො පෙරැට්ටො උන්ගෙ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කරන දරුවන්ගේ අනාගතය කාබාසිනියා කිරීම (පාලනයේ පහසුවට නූගතුන් ප්‍රවර්ධනය කිරීම ) නැවැත්වීමට කටයුතු කරපල්ලා