
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රකාශකයෙක් ඊයේ (11) රාත්‍රී පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් වර්ජනය අතහැරීමට තීරණය කළ බව එම නිලධාරියා කීය.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් මාස දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය අවසන් නොකළ බවත් වැඩ වර්ජනය අවසන් කළේ යැයි කියන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 500 ක් පමණක් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ඊයේ රාත්‍රී ලංකාදීපයට පැවසීය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 12,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා වර්ජනයේ නිරතව සිටින බව කී ප්‍රියන්ත මහතා ඉල්ලීම් ලැබෙනතුරු වර්ජනය අත්නොහරින බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මරු. දැං උන් උන් කොටා ගනියි.
මේගොල්ලන්ටත් ලියුම් යවන්න. මේ අයව උසිගන්වන දේශපාලන සහෝදරවරු තොණ්ඩුව බෙල්ලට වැටුණු පසු හෙමිහිට මගහරියි. මේවා බළලුන් ලවා කොස්ඇට බෑවිලි
මෙන්න මේ කාලකන්නි වෙනුවට අලුතින් සේවකයින් බඳවාගෙන අමාරුවෙන් හරි වැඩේ ඉදිරියට ගෙන යන්න ඇමති තුමනි
වෘත්තීය සමිති කාරයෝ මාට්ටු කරන්න නියම ක්‍රමය ක්‍රියාත්මකයි. තමන්ගේ කොටහ ලැබිච්ච සෙට් එක වර්ජනයෙන් අයින් වෙනවා. වර්ජනය චොර වෙලා ඉතුරු සෙට් එක නන්නත්තාර වෙලා යනවා. අන්තිමට වලිගෙ අතන ගහගෙන ආපහු වැඩට යනවා අනේ අස් කරන්න නං එපා, කියන තැනකට වඳින්නං කිය කියා.
උඹලාට රටේම දෙමාපියන් දරුවන් ශාප කරනවා. හොඳීන් ඉන්න ලැබෙන්නේ නෑ...
ස්ට්‍රයික් කලොත් අස් කරනවා කියපුවම ඔය ගානට බය වුණොත් හොදටෝම ඇති..
කාලකන්නි.ලෙල්ලටම බය වෙලා .අස්වීම් ලිපි ගෙදරට එවයි කියලා
මේ ප්‍රශ්න දිග්ගස්සලා මේ තත්ත්වයට පත්කරපු අයට සාප නොකරන නුඹලාට මේ ආයතන වසාදැමීමේ පාලකයින්ගේ සියුම් කුමන්ත්‍රණ නොපෙනේ. නුඹලාට මුදල් ගෙවා උපාධි ලබාගන්නට වූ දාට එය වැටහෙනු ඇත. බහුතරයක් දරුවන්ට එසේ කළ නොහැකිය.
උසිගැන්වීම් වලට අසුවන්න මොවුන් බබුන් නොවේ. මොවුන්ට වැටුපින් ජීවත් විය නොහැකි බැවින් ඉල්ලීම් ඉල්ලන සේවකයින්ගේ සටන් සාධාරණයි. රටේ බදුු මුදලින් පින් බඩු බෙදා ඡන්දය හිඟන පාලකයාට සාප වේවා! මේව කන නුඹලාට මොවුන් නැවත පත් කළහොත් දිරවාගත නොහැකි වනවා ඇත. එතෙක් මේ සාදය කරපල්ලා...
BBC සිංහල පුවත් බලන්න එහි අද ලිපියක් තියෙනවා අවුරුදු 19 දී උපාධිය අරගෙන උසස් රැකියාවක් කරන අයෙක් ගැන ඔහු උසස් පෙළ විභාගය කරලත් නැහැ... ඔහු සමඟ සාමාන්‍ය පෙළ සිටි අනෙක් අය මේ වනවිටත් විශ්ව විද්‍යාලයට යන්න කැඳවීමක් ලැබෙනතුරු ඉන්නවා කියලා තිබුණා... ඔහු උපාධියට අනුව ඉහළම වැටුපක් ගන්න බවකුත් කියලා හිතෙනවා.. එහෙම බලද්දී මෙම වර්ජන නිසා අනාගතයේ ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වැසේවිද කියලා හිතෙනවා...