(දයාරත්න ඇඹෝගම)

පොලිස් සැරයන්වරයකු පැදවූ කුඩා ලොරියක් එහි වේගය පාලනය කරගත නොහැකිව කැලේදිවුල්වැව ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි බස් නැවතුම් පලක ගැටි සිදුවු අනතුරින් සැරයන්වරයා මියගොස් තවත් පුද්ගලයන් සිවුදෙනකු  තුවාල ලබා අද රෝහල් ගත කළ බව එප්පාවල පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇතැතේ තඹුත්තේගම පොලිස් කොට්ඨාසයේ තොරතුරු තාක්ෂණ අංශයට අනුයුක්තව සේවය කළ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කේ.බී.එම්.රණතුංග (40) හැවිරිදි පොලිස් සැරයන් වරයෙකි.

මියගිය පොලිස් සැරයන්වරයා සිය බිරිද,දරුවන් දෙදෙනා හා තඹුත්තේගම පොලිසියට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් කොස්තාපල්වරයකු සමග එප්පාවල සිට කැකිරාව දෙසට කුඩා ලොරියකින් ගමන් ගනිමින් සිටියදි කැලේදිවුල්වැව ආසන්නයේදි මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

එම අනතුරින් බරපතල තුවාල ලබා ඇති මොවුන් පස්දෙනා එප්පාවල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව සැරයන්වරයා එහිදි මිය ගොස් තිබුණි.