
(කාංචන කුමාර ආරියදාස )
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුවාල ලබා ඇතිබව ගලේවෙල පොලිසිය කියයි.
අනතුරකින් මියගොස් ඇත්තේ දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ පදිංචි ජගත් කුමාර පියතිස්ස 31 හා අහිංසා අබේරත්න 28 යන දෙදෙනාය.
තුවාල ලබා සිටින දරුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
අනතුර සිදුවූ ස්ථානයේ සුනකයාද මියගොස් තිබුණු අතර මේ යුවල දෙහිඅත්තකන්දියේ සිට කුරුණෑගලට විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීම සදහා ගමන් කර ඇතිබව පොලිසිය පැවසිය.
COMMENTS
අයියෝ මේ මෝඩ මිනිස්සු, පෙට්රෝල් කඳුලටත් ලොබකම් කරමින් ස්කූටර් කට්ටක පවුලම දාගෙන යනවා, ගන්න එපැයි හොඳ ජපන් කාර් එකක්, මේ වාහන ගණන් අඩු කාලේ කෝටියක් දීලා ලේසියෙන් කාර් එකක් ගන්න පුළුවන්, පවු පොඩි එකා...
බොහෝම කණගාටුදායක පුවතක්. පුතාත් ඉන්නා ඒකේ, පිට රටකට ගිහින් මුදල් ටිකක් හම්බ කරලා ජීවිතය සාර්ථක කරගන්න ඕනෙයි කියලා පැතුම් ගොඩක් පුරවාගෙන ගිය ගමනක අවසානය මෙහෙම වෙනවා කියලා කවුරුවත් හිතන්නෙ නෑ. ජීවිතය හැමවිටම පුදුමාකාරයි. දෙදෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.