(දසුන් රාජපක්ෂ)

 

ධීවර කටයුතු වල නිරතවී සිටින විට සිදුවන අනතුරු සඳහා ධීවරයන්ට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

ධීවර ජාතික සම්මේලනයේ සාමාජිකත්වය ලබාගෙන සිටින ධීවරයන්ට මෙම වන්දි මුදල් ක්‍රමය සඳහා අයැදුම් කිරීමට හැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (10) ප්‍රකාශ කළේය.

 

මෙම වන්දි ක්‍රමය ධීවර ජාතික සම්මේලනය යටතේ ලියාපදිංචි වී සිටින ධීවරයන් 130,000 ක් ආවරණය වන පරිදි සකස් කර තිබෙන බව ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා කියා සිටියේය.

 

මෑතකදී හදිසි අනතුරුවලට මුහුණදුන් ධීවරයන් හතර දෙනකු සඳහා මෙම වන්දි මුදල් පිරිනමා තිබෙන අතර එම ධීවරයන් කළුතර  හා මන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.