
(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් අග්‍රා වත්තේ ජලය සහිත විශාල වළකට වැටී අත් පා තුවාල ලබා ඇවිද යාමට නොහැකිව සිටි කඳුකර කොටියෙකු අද (20) බේරා ගත් බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පවසති.
වයස අවුරුදු හතරත් පහත් අතර වයසේ පසුවන හොදින් වැඩුණු පිරිමි සතෙකු මෙම අනතුරට ලක්ව සිටි බවත්, විශාල උසකින් යුත් ගල් කොරියක ජලය සහිත වළකට වැටීම හේතුවෙන් සතාගේ පිටුපස පෙදෙසට හානි සිදුව ඇති බව මුලික විමර්ශණවලදී අනාවරණය වූ බව රන්දෙණිගල වන සත්ත්ව කළමනාකරණ ඒකකයේ ස්ථාන භාර වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා පැවසීය.
මෙම සතාගේ ශරීරයේ අභ්‍යන්තතරයට හානි සිදුව ඇද්දැයි බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ කීපයකට ලක් කළ යුතුව ඇති බවත්, එම වෛද්‍ය පරීක්ෂණ සිදු කොට කොටියාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවද පිනිදිය මහතා කීය.
දැඩි පරිශ්‍රමයක් දරා බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සිදු කිරීම සඳහා කඳුකර කොටියා රන්දෙණිගල වන සත්ත්ව පශු වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමට හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පියවර ගෙන තිබිණි.

2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනතුරට ලක්වු කඳුකර කොටියකු බේරා ගනී
Harsha Saturday, 20 September 2025 09:49 PM
ලොකු පිනක්...
ලුම්බිණි Sunday, 21 September 2025 06:26 AM
ගොඩක් ස්තුතියි.