IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි

(නිමල කොඩිතුවක්කු)

සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමා කියන දේ සහ ක්‍රියාවට නංවන දේ අතර  බරපතළ පරස්පරයක් තිබෙන බව යළිත් වතාවක් තහවුරු කොට හැබැයි මේ තුළින් තහවුරු වන බවත් මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

 "ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් දිගින් දිගටම අවධාරණය කළේ සාමකාමී විරෝධතා උද්ඝෝෂණ සඳහා කිසිදු බාධාවක් නොකරන බවයි. නමුත් සිදු වෙමින් පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ජාත්‍යන්තර සම්මුතීන් මඟින් වගකීම සහ වගවීමට ලක් වන භාෂණය නිදහසේ රැස්වීම විරෝධතා පැවැත්වීම වැනි ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හදිසි නීතිය දඩමීමා කර ගනිමින් මර්දනය කරන ආකාරයයි. මෙම මර්දනය සඳහා කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. 

මෙම විරෝධතාවය තුළ විරෝධතාවය නියැලුණ සිසුන් ඉල්ලා සිටියේ වහාම විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් රටේ ජනතාවට ජීවත්වීම සඳහා සුදුසු ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් නිදහසේ ජීවන වෘත්තීන් කරගෙන යාම සඳහා වන බාධකවලින් රට මුදා ගැනීමට පියවර ගන්නා ලෙසයි. එම ඉල්ලීම් පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ආණ්ඩුව ක්‍රියාවට නැංවූ මර්දනය තුළ පැහැදිලි වන්නේ මෙම ක්‍රියාවලිය තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක බවයි. මේ සියල්ල අදෘශ්‍යමාන හස්තයක් මඟින් මෙහෙය වන බව අපි විශ්වාස කරමු. මෙවැනි ක්‍රියාදාමයන් තුළින් උත්සහ දරණුයේ සමාජය තුළ බිය ඇති කරමින් ආණ්ඩුවට එරෙහි විරෝධතාවයන් නිර්වින්දනය කිරීම බව ඉතාමත් පැහැදිලිය.                           

මේ සියල්ල ජනතා විරෝධය සහ කෝපය අවුලුවන සුළු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ බලය තහවුරු කර ගන්නා පියවර මිස රටේ මූලික අර්බුද වලට විසඳුම් ලබා නොදෙන ඒවා බව පැහැදිලිය.                     
හදිසි නීතිය වහාම අහෝසි කරනවා යැයි ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්  දිස්ත්‍රික්ක හතකට ත්‍රිවිද හමුදාව කැඳවීම තුළද දකින්නේ ප්‍රකාශය සහ ක්‍රියව අතර පරස්පරයයි.           

රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදු කරන එමෙන්ම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති නන්වැදෑරුම් නිදහස යටපත් කරන සියලු ක්‍රියාවලි වහාම හකුලා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කරමු. එමෙන්ම රඳවා ගැනීමේ නියෝග මත අත්අඩංගුවේ පසුවන ශිෂ්‍ය ක්‍රියාධරයින් වහාම නිදහස් කරන ලෙස ද ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට කියා සිටිමු.       



අදහස් (3)

අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි

සිල්වා Sunday, 21 August 2022 02:54 PM

විපක්ෂය හැටියට ඔබලා අරගල කරුවන්ට පොදු සමාවක් ප්‍රකාශයට පත් කල යුතුයි.

:       11       2

චමින්ද Sunday, 21 August 2022 03:22 PM

අපි ඔබලාගේ ආණ්ඩුවක් ඇතිවූ දවසක අන්තරේ පාරට බැහැල උද්ඝෝෂණ කරනවිට කරනදේ බලා සිටින්නෙමු. මේ පුවත්පත් වාර්තාව එකතුකර තබමු.

:       2       18

එරාMonday, 22 August 2022 04:51 AM

අන්තරේ ප්‍රතිපත්තිවලට සජබ එකඟ නැහැ. නමුත් වෙනස් අදහස් දැරීමට ඇති නිදහස සජබ නායකත්වය පෙන්වා දෙන්නේ. අන්තරේ උද්ඝෝෂණ කලහකාරී වුණොත් එය අනුමත කරන බවක් සජබ කියන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site